පසුගිය දින කිහිපයේ යම් ස්ථාවර මට්ටමක පැවති ඩොලරයේ මිල අද (01) උදෑසන වන විට රුපියල් 335 සීමාව ද ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව මිල ගණන් සටහන් වී ඇත්තේ මෙන්න මෙහෙමයි..
අද (01) දවසේ අලුත්ම ඩොලර් මිල:
ගැනුම් මිල (Buying Rate): රුපියල් 325.97ක්
විකුණුම් මිල (Selling Rate): රුපියල් 335.70ක්
පසුගිය සිකුරාදා (29 වැනිදා) මහ බැංකුව ප්‍රකාශයට පත් කළ මිල ගණන් එක්ක බලද්දී අද වන විට ඩොලරයේ අගය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සිකුරාදා මිල ගණන් පැවතියේ මෙසේය.
පසුගිය සිකුරාදා ගැනුම් මිල පැවතියේ රුපියල් 324.45ක් ලෙසයි.
පසුගිය සිකුරාදා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 334.24ක් ලෙසයි.
ඒ අනුව සිකුරාදාට වඩා අද වන විට ඩොලරයක විකුණුම් මිල රුපියලකට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.