522 Views
ඉතින් මේ පාර වෙසක් උත්සවය ඔවුන් දෙන්නට ගොඩක් සුවිශේෂී එකක් වෙලා තියෙනවා. හේතුව තමයි විවාහයෙන් පස්සේ ඔවුන් දෙන්නා එකම වහලක් යට, එක ගෙදරක සමරන පළවෙනි වෙසක් උත්සවය මේක වීම.
මේ සුවිශේෂී මතකය ගැන ශනුද්‍රි ඇගේ මුහුණුපොතට අපූරු සටහනක් සහ වීඩියෝවක් එකතු කරලා තිබුණා. "අපි එක ගෙදරක සමරන පළවෙනි වෙසක් පොහෝය" යනුවෙන් සටහන් කරමින් ඇය දමා තිබූ වීඩියෝවෙන් පෙනෙන්නේ ඔවුන් දෙදෙනා ඉතාමත් ආසාවෙන් සහ ආදරයෙන් එකතු වෙලා වෙසක් කූඩු හදන ලස්සන දර්ශන පෙළක්.
තමන්ගේම අත්දෙකෙන් වෙසක් කූඩු සාදලා, නිම කරලා, ආදරණීය කැදැල්ල වෙසක් ආලෝකයෙන් හැඩකරන මේ වීඩියෝවට මේ වෙනකොටත් රසිකයන්ගෙන් ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
"ඇත්තටම ගොඩක් ලස්සනයි", "හැමදාම සතුටින් ඉන්න" කියමින් රසිකයින් වගේම කලා ක්ෂේත්‍රයේ මිතුරු මිතුරියන්ද මේ ආදරණීය ජෝඩුවට සුභපැතුම් එකතු කරමින් සිටිනවා.