Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
31
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවට භාග්‍යය උදාවන හිරු උත්තම ධාතු වන්දනාව ඇරඹෙයි.

- කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවට භාග්‍යය උදාවන හිරු උත්තම ධාතු වන්දනාව ඇරඹෙයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

112 Views

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව සම්බුදු සසුනේ උන්නතිය උදෙසා සිදුකෙරෙන හිරු උත්තම ධාතු වන්දනා, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් වැඩමවා තැන්පත් කිරීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණා.


අද උදෑසන සුබ මොහොතින් මගුල් බෙර සහ පුෂ්පෝපහාර මැද හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින කරඬුව සාධු නාද මැද ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුද බිමේ ඉදිකර ඇති සුවිශේෂ ධාතු මන්දිරය වෙත වැඩමවනු ලැබුවා.

අනිද්දා (02) උදෑසන දක්වා ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී හිරු උත්තම ධාතු වන්දනාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ජීවමාන බුදුන් වන්දනාව හා සමාන දුර්ලභ අවස්ථාවක් සැහැදැවතුන්ට උදාකර දෙමින්.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට පුණ්‍ය භූමි වෙත වැඩම කරවා සුවහසක් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන හිරු උත්තම ධාතු වන්දනාව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක්.

මෙවර හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුද බිම වෙත වැඩම කරවන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් චාරිත්‍රානුකූල ආගමික වතාවත් වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේදී සිදු කෙරුණා.

එහිදී් අමරපුර සම්බුද්ධ ශාසනෝදය නිකායේ මහා නායක ආචාර්ය පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නා හිමියන්ගේ අනුශාසනාවක් ද සිදුකළා.

ඒ අනුව, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී වන්දනාමාන කරගැනීමේ අවස්ථාව සැදැහැවත් ඔබට අවස්ථාව හිමිවනවා.

එම ස්ථානයේ ද ජීවමාන බුදුන් වහන්සේට පිදෙන පූජා හා සමානව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන චාරිත්‍රානුකූල වත්පිළිවෙත් වලින් අනතුරුව සුවහසක් සැදැහැවතුන්ට හිරු උත්තම ධාතු වන්දනාවට එක්වීමට අවස්ථාව හිමිවනවා.

මෙලෙස ඇරඹෙන හිරු උත්තම ධාතු වන්දනාව අනිද්දා උදෑසන දක්වා ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී සැහැදැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවනවා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාට එක්වන දහස් සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් සියලු පහසුකම්, හිරු මාධ්‍ය ජාලය විසින් සංවිධානය කර ඇති අතර, අද එම සැදැහැවතුන් වෙනුවෙන් උදෑසන ආහාරයද හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් සම්පාදනය කර තිබෙනවා.

සිය ජීවිත කාලය තුළ හිමිවන මෙම ඉතා දුර්ලභ පුණ්‍ය වෑයමට සම්බන්ධ වී ජීවමාන බුදුන් දුටුවා හා සමාන කුසල සිත් ජනිත කරමින් අප්‍රමාණ පින් රැස්කර ගැනීමේ ඒකායන අරමුණින් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් පෙළ ගැසී සිටියේ ඊයේ සිටයි.

මේ අතර, තිලෝගුරු අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟු‍ල වෙනුවෙන් හිරු ටී.වී. හිරු එෆ්. එම්. ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ද ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිම කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත්වුණා.

ඒ, ආමිස හා ප්‍රතිපත්ති පූජා ඇතුළු පුණ්‍ය කටයුතු රැසකට මුල් තැන දෙමින්.

ඓතිහාසික මහියංගනය චෛත්‍ය රාජයාණන් වහන්සේ පංච තූර්ය නාද මධ්‍යයේ සුවඳ මළින් පුදා සුවඳ දුම් පූජාවෙන් පසු අධිෂ්ඨාන පූජාව පවත්වා රැස්ව සිටි සුවහසක් සැදැහැවතුන්ගේ සාධුකාරය මධ්‍යයේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් ෂඩ් වර්ණ විදුලි බුබුළු ආලෝකයෙන්, ඓතිහාසික මහියංගනය සෑ රඳුන් ඒකාලෝක කළේ රැස්ව සිටි සැදැහැවතුන්ගේ සිත් තුළ අප්‍රමාණ කුසල් සිත් ජනිත කරමින්.

එහිදී් ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් විසින් අනුශාසනාවක් ද සිදුකළා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top