ගාල්ල සහ කරාපිටිය අතර ධාවනය වන පෞද්ගලික බස් රථයේ හිමිකාරීත්වය සහ එහි සේවක පිරිස තමයි මේ උතුම්, ආදර්ශමත් පුණ්‍යකර්මය සංවිධානය කරලා තිබුණේ. වෙසක් පෝය දවසේ මේ බස් රථයට ගොඩවුණු හැම මඟියෙකුටම කිසිදු මුදලක් අය කරන්නේ නැතුව, තමන් යන ගමනාන්තය දක්වා නොමිලේම ප්‍රවාහන පහසුකම් සලසා දෙන්න ඔවුන් කටයුතු කරලා තිබුණා.
අද කාලේ රුපියලටත් පොරකන, බස් ගාස්තු වැඩි වුණු සමාජයක තමන්ගේ දවසේ ආදායම සම්පූර්ණයෙන්ම කැප කරලා, මඟීන් වෙනුවෙන් මේ වගේ "ප්‍රවාහන දන්සලක්" දෙනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.
විශේෂයෙන්ම ගාල්ල - කරාපිටිය කියන්නේ ලංකාවේ තියෙන ලොකුම ශික්ෂණ රෝහලක් පිහිටි මාර්ගයක්. ඉතින් වෙසක් දවසේ වුණත් ලෙඩ්ඩු බලන්න, බෙහෙත් ගන්න යන අසරණ දුප්පත් මිනිස්සු කොයිතරම් නම් මේ පාරේ යන්න ඇතිද? අන්න ඒ වගේ අසරණ වුණු මිනිස්සුන්ගේ හදවත්වලට මේ කරුණාවන්ත ක්‍රියාව මහා ලොකු සහනයක් වන්නට ඇති බව නොඅනුමානයි.
මේ අපූරු දන්සල දැකපු ගාල්ලේ ජනතාව වගේම සෝෂල් මීඩියා පුරා ඉන්න රසිකයනුත් බස් රථයේ අයිතිකරුවන්ට වගේම රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන්ට හදවතින්ම ගරු කරමින් ප්‍රතිචාර දක්වලා තිබුණා.