දහස් ගණනක් සෙනඟ පිරිලා, මහා ලොකු සද්දෙට සින්දු කිය කිය, හැමෝම ඩාන්ස් කර කර ඉන්න අස්සේ තමයි කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු මේ අමුතුම සිදුවීම වෙලා තියෙන්නේ.
ලොකු සද්දෙටයි, වටපිට හිටපු දහස් ගණනක් සෙනඟටයි බය වෙලා, ගැහි ගැහි හිටපු පාරේ ඉන්න අහිංසක පුංචි බලු පැටියෙක් කොහොමහරි සෙනඟ අස්සෙන් රිංගලා එකපාරටම මේ ලොකු ස්ටේජ් එක උඩට කඩාපාත් වෙලා තියෙනවා. ලයිට් එළිවලටයි, සද්දෙටයි බය වුණු මේ පුංචි පැටියා මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා ස්ටේජ් එක උඩ හිටපු කට්ටිය දැකලා තියෙනවා.
ඒ වෙලාවේ ස්ටේජ් එකේ සින්දු කියමින්, මුළු ඕඩියන්ස් එකම පිස්සු වට්ටමින් හිටියේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායිකාවක් වෙන Akasa Singh. එකපාරටම තමන්ගේ කකුල් දෙක ළඟ ගැහි ගැහි ඉන්න මේ අහිංසක පැටියාව ඇය දැක්කා.
හැබැයි ඇය අනිත් අය වගේ බය වෙලා කෑගැහුවේවත්, සලිත වුණේවත් නැහැ. සින්දුව එක තත්පරේකටවත් නවත්වන්නේ නැතුව, හරිම ආදරෙන් බිමට නැමිලා මේ බය වුණු පැටියාව තමන්ගේ අත් දෙකට අරගෙන පපුවට තුරුල් කරගත්තා....
ඊටපස්සේ ඇය දිගටම මයික් එකත් අල්ලගෙන සින්දුව කිව්වේ, මේ පුංචි පැටියාව තමන්ගේ තුරුලේ ආරක්ෂිතව තියාගෙනයි. ඇයගේ උණුසුම දැනෙද්දී අර බය වෙලා හිටපු බලු පැටියත් හරිම සන්සුන්ව ඇයගේ ඇඟට වෙලා ඉන්න ලස්සන දසුන එතන තිබුණු කැමරාවල සටහන් වෙලා තිබුණා.
කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු මේ හරිම සංවේදී මොහොත දැක්ක ගමන් එතන හිටපු දහස් ගණනක් ප්‍රේක්ෂකයින් ප්‍රීති ඝෝෂා පවත්වන්න පටන් ගත්තේ ඇයගේ මේ මනුස්සකමට ගරු කරන්නයි. එදා රෑ ඒ කොන්සර්ට් එකේ තිබුණු සින්දුවලටත් වඩා හැමෝගෙම හිතට වැදුණු, අමතක නොවනම දසුන බවට පත් වුණේ මේ ආදරණීය සිදුවීමයි.
මේ දවස්වල අන්තර්ජාලය පුරාම වයිරල් (Viral) වෙන මේ ෆොටෝ එක සහ වීඩියෝව දැකපු ලංකාවේ වගේම ලෝකය පුරාම ඉන්න රසිකයින් කියන්නේ, "මෙන්න නියම තරු... සල්ලි, ප්‍රසිද්ධිය විතරක් නෙවෙයි මුන්ගේ හදවත්වල මහා පුදුමාකාර කරුණාවක් තියෙනවා" කියලායි.
සමාජ මාධ්‍ය ඇසුරෙන්