Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
28
"එක දවසක් පිඟන් සේදුවේ නැත්නම් මගේ ඇඟට අමාරුයි" සල්ලි ඕනෑවටත් වඩා තිබියදීත් සේවිකාවක වුණු කෝටිපතිනියගේ කතාව

- "එක දවසක් පිඟන් සේදුවේ නැත්නම් මගේ ඇඟට අමාරුයි" සල්ලි ඕනෑවටත් වඩා තිබියදීත් සේවිකාවක වුණු කෝටිපතිනියගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

185 Views

ලෝකේ ඉන්න හැමෝම රෑ තිස්සේ මහන්සි වෙන්නේ කීයක් හරි හම්බ කරලා, වයසට ගියාම රස්සාවක් නොකර ගෙදරට වෙලා සැපට ඉන්නනේ. 


හැබැයි චීනයේ චෙංඩු (Chengdu) නගරයෙන් ඇහෙන මේ අපූරු කතාව නම් ඒ හැමදේටම වඩා හාත්පසින්ම වෙනස්. සල්ලි කියන්නේ මෙයාට නිකන් කොළ කෑලි විතරයි...

පසුගිය දිනෙක චීනයේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් වන වේබෝ (Weibo) හි වීඩියෝවක් ලැව්ගින්නක් වගේ පැතිර යන්න පටන් ගත්තා. එහි දැක්වුණේ රුපියල් කෝටි ගණනක් වටිනා, සුපිරි ගනයේ කළු පැහැති බෙන්ට්ලි (Bentley) රථයකින් බැස යන වයස්ගත කාන්තාවක්. හැබැයි ඇය හැඳ පැළඳ සිටියේ කෝටිපති කාන්තාවකගේ විලාසිතාවලින් නම් නෙවෙයි. රෝස පාට ඉරි සහිත කමිසයක්, රබර් බූට් සපත්තු දෙකක් සහ කුස්සියක වැඩ කරන විට අඳින ඇප්‍රන් (Apron) එකක් තමයි ඇය ඇඳ සිටියේ.

හිතන්නකෝ.. ඇය මේ සුපිරි රථයෙන් බැස කෙළින්ම ගියේ හෝටලයක පිඟන් සෝදන ඇගේ දෛනික රැකියාව සඳහායි....

මේ දර්ශනය දුටු බොහෝ දෙනා සිතුවේ මෙය කිසියම් වීඩියෝ රංගනයක් හෝ උපහාසාත්මක නිර්මාණයක් කියායි. නමුත් චීන මාධ්‍ය මේ පිළිබඳව සොයා බලද්දී තමයි ඇස් උඩ යන රහස අනාවරණය වුණේ. මේක 100% ක්ම සත්‍ය සිදුවීමක්! 60 වැනි වියේ පසුවන මේ කාන්තාව සැබවින්ම ඉතාමත් ධනවත් පවුලකට අයත් කෙනෙක්. ඇයට කිසිම මුදල් අඩුපාඩුවක් නැහැ. තවත් පුදුම හිතෙන කතාවක් තමයි, ඇයව දිනපතාම මේ සුපිරි බෙන්ට්ලි රථයෙන් රැකියාව සඳහා ඇරලවන්නේ සහ නැවත රැගෙන එන්නේ ඇගේම ආදරණීය දියණියයි....

මාධ්‍යවේදීන් ඇගෙන් මෙතරම් සල්ලියක් තිබියදී මේ වගේ වෙහෙසකර රස්සාවක් කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ විට ඇය දුන්නේ ඉතාමත් සරල ඒ වගේම පුදුමාකාර උත්තරයක්.
"මට ගෙදරට වෙලා ඉන්නකොට පුදුම කම්මැලිකමක් දැනෙන්නේ. එක දවසක් හරි පිඟන් ටිකක් සේදුවේ නැත්නම් මගේ ඇඟට මාරම අපහසුතාවයක් දැනෙනවා."

ඇයට අවශ්‍ය වී ඇත්තේ මුදල් සෙවීමට නොව, තමන්ගේ දවස ක්‍රියාශීලීව ගත කිරීමට සහ සමාජය සමඟ සම්බන්ධ වී සිටීමටයි.

මෙම සිදුවීමත් සමඟ අන්තර්ජාලය පුරා විවිධ රසවත් ප්‍රතිචාර ගලා එන්නට වුණා. ඇතැම් පරිශීලකයින් විහිළුවට කියා තිබුණේ, "මේ හෝටලයේ ඉන්න දුප්පත්ම කෙනා හෝටල් අයිතිකාරයා වෙන්න ඇති" කියායි. තවත් පිරිසක් ඇගේ මහන්සියෙන් වැඩ කිරීමේ කැමැත්ත සහ නිහතමානීකම බෙහෙවින් අගය කර තිබුණා.

ඇගේ දියණිය පවසා තිබුණේ තමන්ගේ මව මෙවැනි වෙහෙසකර රැකියාවක නිරත වීම වැළැක්වීමට පවුලේ අය උත්සාහ කළත්, ඇගේ සතුට සහ ක්‍රියාශීලී බව වෙනුවෙන් පසුව ඔවුන් ඊට ඉඩ දුන් බවයි. එම නිසා මවගේ ආශාවට ගරු කරමින්, දිනපතාම ඇයව සුපිරි රථයකින් රැකියාවට ඇරලවීමට දියණිය කටයුතු කරනවා.

බොහෝ දෙනෙක් සිතන්නේ සතුට රඳා පවතින්නේ ධනය සහ සැපපහසුව මත පමණක් කියායි. නමුත් මේ කෝටිපති කාන්තාව අපට පෙන්වා දෙන්නේ සැබෑ සතුට සහ නිරෝගීකම රැඳී තිබෙන්නේ නිකරුණේ කාලය කා දැමීමෙන් නොව, තමන් කැමති දේක නිරත වෙමින් දවස අර්ථවත් කර ගැනීම තුළ බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top