ඒ වෙන මුකුත් නෙවෙයි, කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි ප්‍රසිද්ධ බාලිකා නේවාසික පාසලක හටගත්තු දරුණු ගින්නකින් අහිංසක පාසල් සිසුවියන් 16 දෙනෙකුට තමන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා.
ගින්නෙන් බරපතළ විදිහට තුවාල ලැබූ තවත් සිසුවියන් 74 දෙනෙකු මේ වෙනකොටත් රෝහල්ගතව මරණයත් එක්ක සටන් කරමින් ප්‍රතිකාර ලබන බවයි නිල විදෙස් වාර්තා පවසන්නේ.
මේ අනතුර සිද්ධ වෙච්ච වෙලාවේ දැරියන් 220 දෙනෙක් විතර මේ නේවාසිකාගාර ගොඩනැගිල්ල ඇතුළේ රැඳිලා ඉඳලා තියෙනවා. රෑ බෝ වෙලා හැමෝම නින්දේ ඉන්න ඇති කියලා සැක කරන වෙලාවක තමයි එකපාරටම මේ මාරක ගින්න හටගෙන තියෙන්නේ.
බේරෙන්න පාරක් නැතුව, දුමෙන් සහ ගින්නෙන් වටවුණු අහිංසක දැරියන්ගේ මර ලතෝනියෙන් මුළු පළාතම දෙදරුම් කන්න ඇති කියලා එරට මාධ්‍ය පවසනවා. දැරියන් 220ක් හිටපු තැනකින් 16 දෙනෙක් සදහටම මෙලොව හැර යද්දී, 74 දෙනෙක් රෝහල්වලට ඇතුළත් කරලා තියෙන්නේ ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන්.
මේ වගේ දරුණු ගින්නක් එකපාරටම හටගත්තේ කොහොමද කියන එක ගැන එරට ආරක්ෂක අංශ මේ වෙනකොටත් විශේෂ පරීක්ෂණ පවත්වනවා.