ඒ, බෙල්ජියමේ සිදුවූ අතිශය බිහිසුණු සහ අවාසනාවන්ත පාසල් බස් රථ අනතුරක් ගැනයි. දුම්රියක් සහ පාසල් බස් රථයක් එකිනෙකා ගැටීමෙන් සිදුවූ මෙම ඛේදවාචකයෙන් මේ වන විටත් සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම අනතුර පිටුපස තිබෙන්නේ බස් රථ රියදුරාගේ දැඩි නොසැලකිලිමත්කම සහ කලබලය බවයි මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ. දුම්රිය පැමිණීමට නියමිතව තිබූ බැවින් දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටු ඒ වන විටත් වසා දමා තිබිලා තියෙනවා.
නමුත්, ඒ කිසිවක් මායිම් නොකළ බස් රථ රියදුරා, වසා තිබූ ගේට්ටුද නොසලකා කෙසේ හෝ බස් රථය ධාවනය කිරීමට උත්සාහ කර තිබෙනවා. ඒ ක්ෂණිකයෙන්ම එතැනින් ඇදී ආ දුම්රියේ පාසල් බස් රථය ඉතාමත් බිහිසුණු ලෙස ගැටී තිබෙන්නේ මුළු පළාතම කම්පා කරවමින්.
ලැබෙන තොරතුරු අනුව මෙම අනතුරෙන් එම ස්ථානයේදීම සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම, මෙම මාරක තීරණය ගත් බස් රථයේ රියදුරා සහ එහි සිටි සහායිකාවද අනතුරින් මියගිය පිරිස අතර සිටින බවයි වාර්තා වෙන්නේ.
මීට අමතරව බස් රථයේ ගමන් ගත් තවත් පාසල් සිසුන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.