ඒ වෙනුවෙන් හිරු ටී.වී., හිරු එෆ්.එම්. ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රථම ලංකාගමනය සිදුකර යමා මහ පෙළහර පෑ ඵෙතිහාසික මහියංගන රාජමහා විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින්.
හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව ජීවමාන බුදුන් වන්දනාවට සමාන දුර්ලභ අවස්ථාවක්ද සැදැහැවතුන්ට උදාකර දෙමින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව අනිද්දා (31) උදෑසන සිට ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථාන පුදබිමේදී පැවැත්වෙනවා.
දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන්ම උත්තම මුණිඳුන් පුදන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය හෙට අරුණළු නැගෙන පැයේ සිට ආරම්භ වන්නේ උතුම් තෙමගුල ප්‍රතිපත්ති පූජා සහ ආමිස පූජාවලින් සැමරීමේ උතුම් අරමුණ පෙරදැරිවයි.
හිරු ශාක්‍යසිංහ මංගල්‍යය, බුදු දහමේ චිරස්තිථිය උදෙසා අසීමිත ශාසනික සේවාවක් ඉටු කරමින් ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරතුරුව සිය දායකත්වය ලබාදෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාර සංකල්පයක්.
කාව්‍යමය ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු දෙලොවටම වැඩ සලසන පුණ්‍ය ක්‍රියා රැසක් හෙට දවස පුරා ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථාන පුදබිමේදී සැදැහැවත් ඔබ වෙනුවෙන් පැවැත්වෙනවා.
එසේම, සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා සිදුකරන අධිෂ්ඨාන පූජාව ආරම්භ වන්නේ පස්වරු 5.30 ටයි.
එහිදී ඓතිහාසික මහියංගන රාජමහා විහාරයේ මියුගුණ චෛත්‍ය රාජයාණන් වහන්සේ සුවඳ දුමින් පුදා, පුෂ්පෝපහාර දක්වා, පංච තූර්ය නාද පූජා පවත්වා බුදු පිළිම වහන්සේ පූජා කිරීමද සිදුවනවා.
බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කර ඉදිකර ඇති ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත විචිත්‍ර ෂඩ්වර්ණ විදුලි ආලෝක පූජාව සිදු කෙරෙන්නේ, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව තවත් උත්තම වෙසක් පුණ්‍ය කර්මයක් ලෙස වසර ගණනාවක් පුරා අඛණ්ඩව පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා - කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවද මෙවරත් ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුද බිමේදී අනිද්දා ආරම්භ වනවා.
හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමට වැඩම කෙරෙනු ඇති.
ඒ අනුව, දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ඉඩ සලසන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව අනිද්දා උදෑසන සිට ලබන ජුනි 2 වැනිදා උදෑසන දක්වා ඓතිහාසික මහියංගණය රාජමහා විහාරස්ථාන පුද බිමේදී පැවැත්වීමට නියමිතයි.
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට එක සේ මුල්තැන දෙමින් ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේ පැවැත්වෙන හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට මෙන්ම හිරු උත්තම ධාතු වන්දනාවට එක්වන ලෙස සැදැහැවත් ඔබට හිරු මාධ්‍ය ජාලය ආරාධනා කර සිටිනවා.
බුදු පා පහසින් පරම වන්දනීයත්වයට පත් ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිම වෙසක් සිරියෙන් ඒකාලෝක කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ බැතිබර සජීවී රූපාවලිය හෙට අළුයම සිට හිරු ටී.වී. ඔස්සේ සැදැහැවත් ඔබ වෙත රැගෙන ඒමටත් මේ වනවිට සියලු කටයුතු සූදානම්.