නමින් ශලනි තාරකා. ඇයගේ අපූර්ව රංගන දක්ෂතාවය වගේම දඟකාර, සුන්දර සිනහව නිසාම හැමදාමත් රසික හදවත්වල ඉහළම තැනක වැජඹෙන්න ඇයට හැකිවෙලා තිබෙනවා.
නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ශලනි, සමාජ මාධ්‍ය ජාලාවන් හරහාත් නිතරම දැකගන්න ලැබෙන චරිතයක්.
තමන්ගේ අලුත්ම තොරතුරු, ජීවිතේ සුන්දර අවස්ථාවන් වගේම අලුත් මතකයන් ප්‍රේක්ෂකයන් එක්ක හුවමාරු කරගන්න ඇය කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින්, හැමෝම ආදරය කරන මේ ආදරණීය තාරකාව මේ පාරත් ඇයගේ මුහුණුපොත හරහා හරිම අපූරු, ලස්සන ඡායාරූප එකතුවක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් බෙදාහදාගෙන තිබෙනවා. වෙනස්ම විලාසිතාවකින් සහ සුපුරුදු ආකර්ෂණීය සිනහවෙන් හැඩවුණු ඇයගේ මේ අලුත්ම පින්තූර පෙළ දුටු රසිකයන් නම් දැනටමත් ඇයට ආදරය වස්සන්නට පටන් අරන්.
සුවහසක් රසිකයන්ගේ නෙත් සිත් පැහැරගත්, ශලනිගේ ඒ සුන්දර සේයාරූ එකතුව පහතින් නරඹන්නකෝ...
