ප්‍රසංග වේදිකාව උඩදී දකින ඇගේ ඒ හුරුබුහුටි වගේම දඟකාර රංගනයට සහ සුන්දර කටහඬට ආදරය කරන රසිකයන් වෙනුවෙන්, ඔන්න කාංචනා අපූරු තෑග්ගක් දීලා තියෙනවා.
කාංචනා අනුරාධි නිරන්තරයෙන්ම ඇගේ අලුත්ම තොරතුරු සහ ලස්සන පින්තූර සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක බෙදාගන්න අමතක කරන්නේ නැහැ. ඔන්න ඉතින් මේ පාරත් ඇගේ මුහුණු පොත ඉතාමත් ආකර්ෂණීය වගේම හැඩකාර පින්තූර එකතුවක් පළ කරන්න ඇය කටයුතු කරලා තියෙනවා.
තද රෝස (Magenta) පාටින් යුත් ඉතාමත් අලංකාර ඉන්දියානු පන්නයේ ඇඳුමකින් හැඩවෙලා, සොබාදහමට මැදිවෙලා ඇය අරන් තියෙන මේ පින්තූර දකිද්දී ඕනෑම කෙනෙක්ගේ හිත ඇදී යනවා නොඅනුමානයි.
කාංචනාගේ මේ සුන්දර පින්තූර එකතුව සමාජ මාධ්‍යවල දැඩි අවධානයක් දිනාගෙන තියෙනවා. ඉතින් ප්‍රසංග වේදිකාවේ මේ සුරතල් තරුවගේ අලුත්ම පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා...
