ඇයගේ නිසඟ රංගන හැකියාව වගේම අහිංසක සුන්දරත්වය නිසාම ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් දිනාගන්න ඇයට හැකි වුණා.
නිරන්තරයෙන්ම තමන්ගේ ආදරණීය ජීවිතේ සුන්දර මතකයන්, අපූරු ඡායාරූප මුහුණු පොත හරහා ප්‍රේක්ෂකයන් එක්ක බෙදාහදා ගන්න මාෂි, ඔන්න මේ පාරත් හරිම අපූරු වගේම නෙතට රසඳුනක් බඳු ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයට එක් කරලා තිබුණා.
ලැබෙන හැම විවේක වෙලාවකම තමන්ගේ පවුලේ අය වෙනුවෙන් කාලය වෙන් කරන ඇය, මෙවර පළ කර තිබූ ඡායාරූපවල ඉන්නේ ඇයගේ පණ වැනි ආදරණීය දියණිය එක්කයි. මවක සහ දියණියක අතර තියෙන ඒ සුන්දර, ආදරණීය බැඳීම මේ පින්තූර දකිද්දීම ඕනෑම කෙනෙකුගේ හිතට දැනෙන්නේ මහා අමුතුම ආදරයක්.
ඔයාලත් බලන්නකෝ මවකගේ සහ දියණියකගේ මේ සොඳුරු සෙනෙහසේ ආදරණීය ඡායාරූප එකතුව කොහොමද කියලා...
