346 Views
තද උණ
හිසරදය
වමනය යාම
මේ රෝගය ව්‍යාප්ත වෙන්න ප්‍රධානම හේතුවක් විදිහට සැක කරන්නේ අපිරිසිදු පානීය ජලයයි. ඒ නිසා සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ එකතු වෙලා විශේෂ මාර්ගෝපදේශ මාලාවකුත් නිකුත් කරලා තියෙන්නේ.
වතුර උණුකර නිවාගෙන බොන්න- හැකි හැම වෙලාවකම පිරිසිදු, උණුකර නිවාගත් ජලය විතරක්ම පාවිච්චි කරන්න.
කෑම/බීම ෂෙයාර් කරන්න එපා- විශේෂයෙන්ම පාසල් යන දරුවන් තමන්ගේ කෑම බීම, වතුර බෝතල් යාළුවෝ අතරේ හුවමාරු කරගන්න එක මේ දවස්වල නතර කරන්න ඕනේ.
තත්ත්වය පාලනය කරන්න විශේෂ කමිටු පවා පත් කරලා තියෙන්නේ. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගන්නේ නැතුව, තමන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය සිරිත් ගැන මේ දවස්වල පොඩ්ඩක් වැඩිපුර හිතන්න!