අන්න ඒ නිසා මේවගේ තීරණයක් ගත්තත්, අවසානයේ ඒ ගැන ඇසුණේ ඇස් මවිත වන කතාවක්.
දින 20 ක බිළිදෙකු රුපියල් ලක්ෂයකට අලෙවි කළ සැකකාර මවක් සමග එම බිළිදා මීලදි ගත් බව කියන කාන්තාවක් පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයෙ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒයේ මෙම සිදුවීම වාර්තා වූ බවයි පුත්තලම මූලස්ථාන පොලිසිය පවසන්නේ.
පල්ලම කම්මන්දළුව ප්‍රදේශයෙ 25 හැවිරිදි තරුණියක් බිහිකල මෙසෙ මදුරන්කුලිය කඩයමොට්ට ප්‍රදේශයේ කාන්තාවක් විසින් ඇගේ සැමියා විසින් රුපියල් ලක්ෂයක මුදලකට මිලදි ගෙන තිබු බව විමර්ශන වලදි හෙළිව තිබුණා.
අදාල 25 හැවිරිදි තරුණිය නිත්‍යානුකුල නොවන ආකාරයෙන් තරුණයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබු බවත් එම තරුණයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි විමත් අධික ආර්ථික අපහසුතාවයක් හේතුවෙන් දරුවකු ඇති දැඩි කිරීමේ පැවති තත්වය මත මෙම බිළිදා රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කර තිබු බව පවසනවා.
මෙම බිළිදා මිළදි ගත් කාන්තාව විවාහ වි වසර 18 වැඩි කාලයක් ගතව තිබුනද දරුවන් නොමැති විම මත මෙම තරුණිය පිළිබදව ලැබුණ තොරතුරු මත දරුවා බිහි කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් බිළිදාගේ මවට ලබාදී ලබා ගෙන තිබු බවත් පොලිස් පරික්ෂණවලදි මෙම කරුණු හෙළිව ඇති නමුත් බිළිදෙකු මවගෙන් වෙන්ත් මවක් ලබා ගැනිමේ නිසි නිත්‍යානුකුල ක්‍රියාවලියකින් බැහැරව ලබා ගැනිම හේතුවෙන් බිළිදි බිහි කළ මව හා මිළදි ගත් කාන්තාව ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනිම සිදුව තිබු බව පුත්තලම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.