පාළු පාරේ ඉදිරියට යද්දී, එකපාරටම පාර අයිනේ දිලිසෙන යමක් ඔහුගේ ඇස ගැටුණා. යතුරුපැදිය නතර කරලා, බිමට නැමිලා බලද්දී ඔහු දුටුවේ අතහැර දමා ගිය හෝ කාගෙන් හෝ ගිලිහී ගිය රන් ආභරණයක්. ඒක සාමාන්‍ය එකක් නෙවෙයි, වටිනාකම රුපියල් ලක්ෂ 10කට වඩා වැඩියි.
"මට ලක්ෂ 10ක් හම්බුණා!" කියලා සාමාන්‍ය ඕනෑම මනුස්සයෙකුට හිතෙන්න තිබුණා. ඒත්, ඒ මොහොතේ ඔහුගේ හදවත ගැහුණේ තන්හා වෙන් නෙවෙයි; පිරිසිදු මනුෂ්‍යත්වයෙන්. ඔහුට මුලින්ම හිතුණේ, "මේක නැති කරගත්ත මනුස්සයා මේ වෙලාවේ මොන තරම් දුක් වෙනවා ඇත්ද? මොන තරම් අසරණ වෙලා ඇත්ද?" කියන එක විතරයි.
අනුන්ගේ දෙයක් තමන් සතු කරගෙන, හෘද සාක්ෂියෙන් බේරෙන්න බැරුව හිතින් විඳවනවාට වඩා, තමන්ගේ අවංකකම රකින එක වටිනවා කියලා ඔහු තීරණය කළා. ඔහු වහාම ක්‍රියාත්මක වෙලා, මහන්සියෙන් සොයාගෙන ගිහින් එහි නියම අයිතිකරුට ඒ වටිනා රන් පලඳනාව නැවත භාර දුන්නා.
තමන්ගේ නැතිවුණු වස්තුව ආපහු ලැබුණු මොහොතේ ඒ අයිතිකරුගේ මුහුණේ ඇඳුණු සතුට සහ දෑසින් වැටුණු කඳුළු, අර ලක්ෂ 10ක රත්තරන්වලට වඩා දහස් වාරයක් වටිනවා. අනුන්ගේ සතුටක් වෙනුවෙන් තමන්ගේ අවංකකම පූජා කරපු මේ අපූරු සහෝදරයා, මුදලට හැමදේම තීරණය වන ලෝකයක "මනුෂ්‍යත්වය තවමත් ජීවත් වන බව" මුළු ලෝකයටම ඔප්පු කරලා පෙන්නුවා.