එකදිගට ඇද හැළුණු මහ වැස්ස නිසා මුළු ප්‍රදේශයම වතුරෙන් යටවෙලා, පාරවල් වල සෑහෙන්න ට්‍රැෆික් එකක් තිබ්බේ. තමන්ගේ වැඩට, ඔෆිස් එකට යන්න හදිස්සියේ දුවන, වැස්සට බැන බැන යන මිනිස්සුන්ගෙන් පාරවල් පිරිලා තිබුණු ඒ කාර්යබහුල වෙලාවේ... එක මිනිසෙක් මුළු සමාජයටම ලස්සනම ලස්සන පාඩමක් කියා දුන්නා.
ඔහු නමින් "රැල්ස්ටන්". හැමෝම තමන්ගේ වැඩ විතරක් බලාගෙන යද්දී, මේ අපූරු මනුස්සයා කළ දේ ඇහුවොත් අනිවාර්යයෙන්ම ඔබේ ඇසට කඳුළක් ඒවි!
වැසි වතුර බැස යන්න නැතුව පාරවල් යටවෙද්දී, රැල්ස්ටන් සහෝදරයා කිසිම පැකිලීමක් නැතුව, තමන් ඇඳගෙන හිටපු ඇඳුම් පැළඳුම් ගැනවත් හිතන්නේ නැතුව එකපාරටම ඇළට බැස්සා. වැස්ස වෙලාවක ඇළකට බහිනවා කියන්නේ කොයිතරම් භයානක සහ අපිරිසිදු වැඩක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ?
හැබැයි ඔහු ඒ කිසිවක් සතෙකටවත් මායිම් කළේ නැහැ. ඇළේ හිරවෙලා වතුර බැස යාම අවහිර කරලා තිබුණු කුණු රොඩු, ප්ලාස්ටික් බෝතල් තනියම අත් දෙකෙන් අයින් කරන්න පටන් ගත්තා. හුඟක් අයට ඕක පොඩි වැඩක් වගේ පෙනුණට, මුළු ප්‍රදේශයකම මිනිස්සුන්ගේ ගමනාගමනය වෙනුවෙන් ඔහු කරපු ඒ කැපවීම මහමෙරක් වගේ වටිනවා!
රැල්ස්ටන්ගේ උදව්ව එතනින් නතර වුණේ නැහැ. වතුර පිරිලා පාර මැද ස්ටාර්ට් වෙන්නේ නැතුව, අසරණ වෙලා තිබ්බ වාහන එකින් එක තල්ලු කරලා, ඒ මිනිස්සුන්ට පාරෙන් ඉවත් වෙන්න එයා දුන්නේ පුදුම සහයෝගයක්.
මේ සිදුවීමෙන් පස්සේ අපි එයා ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. එතකොටයි දැනගන්න ලැබුණේ රැල්ස්ටන් කියන්නේ මඩකුඹුර පැත්තේ ඕනෑම පොදු වැඩකදී ඉස්සරහින්ම ඉන්න, ඕනෑම කෙනෙක්ට උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැති නියම "මනුස්සයෙක්" කියලා!
"තමන්ගේ වැඩේ විතරක් බලන් යන ආත්මාර්ථකාමී ලෝකෙක, මෙහෙම අය ඉන්න එක මුළු සමාජයටම ලොකු හයියක්!"
ප්‍රසිද්ධිය පස්සේ දුවන, Social media වල බොරුවට රඟපාන මිනිස්සු ඉන්න රටක, කාටවත් නොපෙනී මහ වැස්සේ ඇළකට බැහැලා මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු රැල්ස්ටන් සහෝදරයා නියම වීරයෙක්...
මුහුණු පොත ඇසුරෙන්...