මේ වෙනකොට ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම, ඒ කියන්නේ සරලවම කිව්වොත් අපේ රුපියල ඩොලරයට සාපේක්ෂව කඩා වැටීම නිසා ඉදිරියේදී ලංකාවේ හැම ජංගම දුරකථනයකම වගේම ඒවායේ උපාංගවලමිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ දමන්න සිද්ධ වෙනවා කියලා ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ කියන්නේ ඔයා රුපියල් 40,000කට ගන්න බලන් හිටපු සාමාන්‍ය Budget ෆෝන් එකක් ඉදිරියේදී රුපියල් 50,000ක් විතර වෙනවා. රුපියල් ලක්ෂ 2ක් 3ක් වෙන Apple, Samsung වගේ High-end ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් ඉතින් තවත් රුපියල් පනස් දාහකට වඩා සාක්කුවෙන් දාන්න සිද්ධ වෙනවා කියන එකයි මේකෙන් කියවෙන්නේ.
ෆෝන් කඩවල් කරන අය පවසන විදිහට පිටරටින් බඩු ගේන්න යන වියදම අධික ලෙස වැඩි වීම නිසා ඔවුන්ට මේ තීරණය ගන්නම සිද්ධ වෙලා තියෙනවා.