මේ හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ දිනවල මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබෙනවා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා සඳහන් කළේ, වෙළෙඳපොළට මාළු ලැබීම සීමාවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව අද (04) දිනයේ සටහන් වූ මත්ස්‍ය තොග මිල ගණන් පහතින්...
සාලයා කිලෝවක්: රුපියල් 1,000
ලින්නා කිලෝවක්: රුපියල් 1,200
කෙලවල්ලා කිලෝවක්: රුපියල් 1,600
තෝරා කිලෝවක්: රුපියල් 3,000
සාමාන්‍ය ජනතාව නිතරම පරිභෝජනය කරන සාලයා වැනි මාළු වර්ග පවා මෙලෙස රුපියල් 1,000 සීමාව ඉක්මවා යාම විශේෂත්වයක්.