මේ ඇසෙන්නේ ඒ ගැන තවත් එක් විශේෂ කතාවක්. අද දවසේ රන්මිල ගැන ඇසෙන මේ ආරංචිය නම් ඔබව පුදුම කරාවි.
ඒ අනුව අද 04 රන් අවුන්සයක මිල ඩොලර් 4,175 යි ශත 07 ක් ලෙස දැක්වුණු අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.52 ක ඉහළ යාමක්.
කෙසේ වෙතත්, දේශීය වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 386,000 සිට 384,000 දක්වා අඩුවී තිබෙනවා.
කැරට් 22 රන් පවුමක් රුපියල් 355,100 සිට රුපියල් 353, 300 ක් දක්වා අඩුවී ඇති බවයි ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කළේ.