හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු ජුනි මාසයේ ඉන්ධන මිල සංශෝධනය සිපෙට්කෝ (CPC) ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
නිල ලේඛනයට අනුව, අද 2026 ජුනි 29 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි මෙන්න මේ විදියට ඉන්ධන මිල ගණන් සංශෝධනය කරලා තියෙනවා.
මේ පාර වැඩිපුරම වාසිය ලැබිලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව නිතරම පාවිච්චි කරන 92 පෙට්‍රල් සහ සුදු ඩීසල්වලටයි.
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20.00 කින් අඩු කර ඇති අතර, නව මිල රුපියල් 414.00 කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25.00 කින් අඩු කර ඇති අතර, නව මිල රුපියල් 382.00 කි.
පෙට්‍රල් 92 සහ සුදු ඩීසල් මිල අඩු වුණත්, අනෙකුත් සුපිරි පන්නයේ ඉන්ධන සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නැහැ.
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් පැවති මිලම වේ (රුපියල් 495.00)
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් පැවති මිලම වේ (රුපියල් 478.00)
ලංකා භූමිතෙල් පැවති මිලම වේ (රුපියල් 285.00)
ඉතින් අද රෑ 12න් පස්සේ ෂෙඩ් එකට ගියොත් ඔයාට මේ අඩුවුණු වාසිය ගන්න පුළුවන්.