Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
29
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ....

- ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

70 Views

පොසොන් පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය ඓතිහාසික තිස්සමහාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.


බුදු සසුනේ අනාගතය සුරක්ෂා කිරීම පිණිස සිදුකරන ශාසනාවතරණය මහණවර මංගල්‍යය හිරු ශ්‍රද්ධාභිවන්දනා පුණ්‍යකර්මයට සමගාමීව අද සිදු කෙරුණු අතර එහිදී කුලදරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරුණා.

සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා හිරු ශාසනාවතරණයෙන් මේ දක්වා සසුනට දායාද කර ඇති කුල දරුවන් සංඛ්‍යාව 200 කට අධිකයි.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මත ක්‍රියාත්මක කරන හිරු "ශ්‍රද්ධාභිවන්දනා" වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ සිව් බුදුවරුන්ගේ ශ්‍රී පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත්වූ, ගෞතම සම්මා බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික තිස්සමහාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින්.

තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් විසින් මෙහිදී පැමිණි දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අෂ්ඨාංග ශීලයේ පිහිටුවනු ලැබුවා.
එමෙන්ම ධර්ම දේශනා, කාලීන ධර්ම සාකච්ජා ඇතුළු වැඩසටහන් රැසක්ම අද දිනයේ තිස්සමහාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

අනතුරුව අද පස්වරුවේ සැදැහැවතුන් විශාල පිරිසකගේ සාධුකාර මධ්‍යයේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත කංචුක පූජාව පවත්වනු ලැබූවේ මගුල් බෙර හඩ මධ්‍යයයේයි.

මීට සමගාමීව තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත පුෂ්ප පූජාව හා ශබ්ද පූජාව පැවැත්වූ අතර, තවත් සුවහස් කල්පයකට සම්බුදු සසුන සුරැකේවායි ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පූජාව ද පැවැත්වුණා.

සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා හිරු ශාසනාවතරණයෙන් මේ දක්වා සසුනට දායාද කර ඇති කුල දරුවන් සංඛ්‍යාව 200 කට අධිකයි.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ රාජධර්ම සංකල්පය පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක, හිරු ශාසනාවතරණයේදී සසුනට එක්වන කුල දරුවන්ගේ ගිහි භාරකාරීත්වය සහ උන්වහන්සේ සියලුදෙනා අධ්‍යාපන වරමින් පෝෂණය කෙරෙන්නේ ද හිරු සභාපතිතුමාගේ දායකත්වයෙන්.

ඒ අනුව සසුන්ගතවන කුල දරුවන් 15 දෙනාගේ හිස මුඬු කිරීමේ චාරිත්‍රය අද උදෑසන සිදුකෙරුණේ, තිස්ස වැවේ වාන් ඇල අභියසදීයී.

අනතුරුව එම කුලදරුවන් මහා සංඝරත්නය හමුවට කැඳවාගෙන එනු ලැබූ අතර එහිදී තමන්ව මෙලොවට බිහි කළ සහ පෝෂණය කළ මව්පියන්ගේ ගුණ සිහිකර අවසන් වරට නමස්කාර කිරීම සිදුවුණා.

අනතුරුව සිදුකෙරුණේ කුලදරුවන් වෙත සිවුරු පිරිකර ලබාදී සසුන්ගත කිරීමයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top