ඇගේ මේ ජනප්‍රියත්වයත් එක්කම 23 හැවිරිදි උමර් හයාත් (Umar Hayat) කියන තරුණයා ඇයට සෑහෙන්න කාලෙක ඉඳන් බලපෑම් කරලා තියෙනවා තමන් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න කියලා. හැබැයි සනා මේ හැම ඉල්ලීමක්ම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ මෙයාගේ හැසිරීම හොඳ නැති නිසයි.
ප්‍රතික්ෂේප වීම දරාගන්න බැරිවුණු උමර්, පසුගිය වසරේ ජුනි මාසයේ යෙදුණු සනාගේ උපන්දිනය දවසේම ඇගේ නිවසට බලහත්කාරයෙන් කඩා වැදිලා තියෙනවා. එතනදී ඇතිවුණු බහින්බස්වීමක් දුරදිග ගිහින්, තමන් ළඟ තිබුණු ගිනිඅවියෙන් සනාට වෙඩි තියලා ඇයව ඝාතනය කරලා පළා ගිහින් තිබුණා.
පාකිස්තාන පොලීසිය CCTV කැමරා 113ක් ඇතුළු නවීන තාක්ෂණික සාක්ෂි රැසක් ඔස්සේ පරීක්ෂණ පවත්වලා සති කිහිපයකින් උමර්ව කොටු කරගත්තා. ජූලි මාසයේදී උසාවිය ඉස්සරහා තමන් කරපු අපරාධය ඔහු පිළිගත්තා.
ඒ අනුව ඊයේ ඉස්ලාමාබාද් අධිකරණය විසින් මේ තිරිසන් අපරාධකරුට මරණ දණ්ඩනය (එල්ලුම් ගස) නියම කරනු ලැබුවා!
ඊට අමතරව සනාගේ පවුලේ අයට ඇමරිකානු ඩොලර් 9,000කට (ලංකාවේ මුදලින් ලක්ෂ ගණනක්) ආසන්න වන්දියක් ගෙවන්නත් නියෝග කළා.
මේ තීන්දුව ගැන සනාගේ තාත්තා කියන්නේ, "මෙය සමාජයේ ඉන්න මෙවැනි කාලකන්නි අපරාධකාරයන්ට හොඳ පාඩමක්" කියලයි.
හැබැයි පුදුමයට කරුණ කියන්නේ, සනා මියගියාට පස්සෙත් සයිබර් අවකාශය (Social Media) ඇතුළේ ඇය ටික්ටොක් කරපු එක වැරදියි වගේ දේවල් කියමින් ඇතැම් පිරිස් ඇයට මඩ ගහන්න පටන් අරන් තියෙන එකයි. සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මේක පාකිස්තාන සමාජයේ තවමත් තදින්ම තියෙන "කාන්තා ද්වේෂය" සහ කුරිරු මානසිකත්වයක ප්‍රතිඵලයක් කියලයි.
මූලාශ්‍රය - BBC පුවත් ඇසුරින්.