ආදර නිසා කිසිම කෙනෙක් මේ වගේ කැපකිරීමක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕන. මේ ඇසෙන්නේ අන්න ඒ වගේ කතාවක්.
"තමන්ගේ පණ වගේ ආදරේ කරන කෙනා වෙනුවෙන් තමන්ගේ මුළු තරුණ කාලයම හිරගෙදරක කුණු වෙන්න අත්හැරපු කොල්ලෙක්ට, අන්තිමේදී ඒ ආදරේම දුන්නු මහා කෲර පාවාදීම ගැන මේ කතාව, ආදරේ වෙනුවෙන් ජීවිතේම පූජා කරන්න ලෑස්ති වෙලා ඉන්න හැම තරුණයෙක්ම අනිවාර්යයෙන්ම කියවිය යුතුයි.
අසංක කියන්නේ සාමාන්‍ය පවුලක, බොහොම අහිංසක කොල්ලෙක්. එයාගේ පෙම්වතිය වුණු 'නෙතුමි' ගොඩක් සල්ලි තියෙන, ව්‍යාපාරික පවුලක කෙල්ලෙක්. දවසක් රෑ පාටි එකකට ගිහින් එද්දී නෙතුමි තමයි වාහනේ එලෙව්වේ. ඇය හිටියේ ගොඩක් බීමතින්. එකපාරටම පාලනය නැතිවුණු වාහනේ පාර මාරුවෙමින් හිටපු වයසක මනුස්සයෙක්ව යටකරගෙන ගිහින් තාප්පෙක හැප්පුණා. ඒ මනුස්සයා එතනම මැරුණා.
නෙතුමි බයෙන් වෙව්ලලා අඬන්න ගත්තා. "අනේ අසංක, මම හිරේ යයි... අපේ තාත්තාගේ නම්බුව ඔක්කොම ඉවරවෙයි... මාව බේරගන්නකෝ" කියලා ඇය අසංකගේ කකුල් දෙක අල්ලගෙන පාර මැද ඇඬුවා.
අසංකට නෙතුමිව පෙනුණේ තමන්ගේ පණ වගේ. ඔහු ලොකුම මෝඩ තීරණයක් ගත්තා. පොලිසිය එද්දී අසංක තමන්ගේ පපුවට අත තියලා කිව්වා "වාහනේ එලෙව්වේ මම, මගේ අතින් තමයි හැප්පුණේ" කියලා. නෙතුමිගේ පවුලේ අයත් සල්ලි වියදම් කරලා සාක්ෂි ඔක්කොම අසංකට විරුද්ධව හැදුවා.
"ඔයා එළියට එනකල් මම බලන් ඉන්නවා මැණික" කියලා නෙතුමි උසාවියෙදි අසංකට පොරොන්දු වුණා. මනුෂ්‍ය ඝාතනයක් යටතේ අසංකට අවුරුදු 5ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වුණා.
මුල් මාස කිහිපයේ නෙතුමි හිරගෙදරට ඇවිත් අසංකව බලලා ගියත්, ටික කාලෙකින් ඒ ගමන් නැවතුණා. ලියුම් ආවේ නෑ. අවුරුදු 5ක් තිස්සේ අසංක හිරගෙදර කුණු කෑම කකා, ගුටි කකා, තමන්ගේ තරුණ කාලයම දිය කරගත්තේ "මම එළියට ගියාම නෙතුමි මාව ආදරෙන් බාරගනීවි" කියන එකම බලාපොරොත්තුවෙන්.
අවුරුදු 5කට පස්සේ අසංක නිදහස් වෙලා එළියට ආවා. හිරගෙදර ගේට්ටුව ගාව නෙතුමි ඉඳීවි කියලා ඔහු වටපිට බැලුවත් කවුරුවත් හිටියේ නෑ. ඔහු කෙළින්ම ගියේ නෙතුමිලාගේ ගෙදරට. ගෙදර ගේට්ටුව ගාව ලොකුවට ගහලා තිබුණු බැනර් එක දැකලා අසංකගේ කකුල් දෙක පණ නැතිවෙලා බිම ඇදගෙන වැටුණා.
ඒක නෙතුමිගේ වෙඩින් බැනර් එකක්! මීට මාසෙකට කලින් ඇය වෙනත් ධනවත් ව්‍යාපාරිකයෙක්ව කසාද බැඳලා ඕස්ට්‍රේලියාවට පදිංචියට ගිහින් තිබුණා! තමන්ගේ මුළු ජීවිතයම, අනාගතයම පූජා කරපු කොල්ලාව හිරගෙදරට බිලි දීලා, ඇය කිසිම ගාණක් නැතුව වෙන කෙනෙක් එක්ක මධුසමය ගතකරන්න ගිහින් තිබුණා.
එදා ඒ හිරගෙදර ගේට්ටුවෙන් එළියට ආපු අසංකට, මහ පාරේ පිස්සෙක් වගේ දණගහගෙන අඬන්න විතරයි ඉතුරු වුණේ."