Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
18
මුදල්, රන් භාණ්ඩ ලබාගෙන විදෙස්ගතවීමේ අරමුණින් කළ පවක්.. ලාබාල පෙම්වතා සමග එක්වී මවක් අවසන් ගමන් යැවූ දියණියක් ගැන ඇසෙන ඇඟ සලිතවන කතාවක් මෙන්න..

- මුදල්, රන් භාණ්ඩ ලබාගෙන විදෙස්ගතවීමේ අරමුණින් කළ පවක්.. ලාබාල පෙම්වතා සමග එක්වී මවක් අවසන් ගමන් යැවූ දියණියක් ගැන ඇසෙන ඇඟ සලිතවන කතාවක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

677 Views

තමන්ගේ මවට මේ වගේ දෙයක් කරන්න දියණියක් හිත හදාගන්නේ කොහොමද..?

මේ අන්න ඒ ගැන ඇසෙන හද කම්පා කරන තවත් කතාවක්.


විදෙස් ගෘහ සේවයෙන් උපයාගත් මුදල් හා රන්භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් තිරප්පනේ නගර සීමාවේ ඇතුන්ගම මංසන්ධියට ආසන්න නිවසක ජීවත් වූ 65 වියැති මවක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඝාතනය වූ මවගේ 32 දෙහැවිරිදි බාල දියණිය හා ඇගේ අනියම් සැමියා බව කියන 25 වියැති තරුණයෙකු පෙරේදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව තිරප්පනේ පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ පී. පද්මලතා නැමති දෙදරු මවමක්. මියගිය මවගේ බාල දියණිය හා දියණියගේ අනියම් සැමියා බව කියන තරුණයෙකු සමඟ තිරප්පනේ ඇතුන්ගම පාරේ පිහිටි නිවසේ කෙටි කලක් එකට ජීවත් වී ඇති අතර තිදෙනා අතර ඇති වූ මුදල් ආරවුල් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව මූලික විමර්ශනය කළ තිරප්පනේ පොලිසිය පවසනවා.

මියගිය මව වසර 24කට ආසන්න කාලයක් විදෙස්ගත ගෘහ සේවයේ යෙදී ඇති අතර, ඇය විදෙස්ගතව රැකියාවේ නිරතව සිටින සමයේ බාල දියණිය විවාහපත් වීමෙන් පසු එම දියණියද විදෙස් ගෘහ සේවයේ රැකියාවකට මව විසින්
ගෙන්වා ගෙන තිබුණා. ඒ අනුව දියණියද වසර 14කට පමණ ආසන්න කාලයක් විදෙස්ගතව සිට ඇතැයි පොලිසිය පවසනවා. ඒ අතරවාරයේ විවාහය අසාර්ථක වීමෙන් පසු මිතුරියක මාර්ගයෙන් කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ යුධ හමුදාවෙන් ඵලා ගිය සෙබලෙකු වූ මෙම සැකකාර අනියම් සැමියා බව කියන තරුණයා සමඟ සමීපව ඇසුරු කරන්නට පටන්ගෙන ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

පසුව මීට මාස 03 කට පමණ ඉහතදී දියණිය මෙරටට පැමිණීමෙන් පසු වළගම්බාහුව පයින්ඩිකුලම ගම්මානයේ ඇගේ පුංචි අම්මා කෙනෙකුගේ නිවසේ සිටින අතර වාරයේ දියණියට හා අනියම් සැමියා වූ තරුණයාට තිරප්පනේ නිවසට පැමිණ ජීවත් වන්නට පැමිණෙන්නැයි මියගිය මව ආරාධනා කර ඇතැයිද පොලිසිය පැවසුවා. ඒ අනුව ඉකුත් අප්‍රේල් 10 දා හෝ ඊට ආසන්න දිනක ඔවුන් දෙදෙනා එම නිවසට පැමිණ ඇති අතර එදා පටන් තිරප්පනේ නිවසේ එකට ජීවත් වී තිබෙනවා. මේ අතරවාරයේ නිවස වටා තාප්පයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එහි අත්වැඩකරුවකු ලෙසද මෙම සැකකාර තරුණයා වැඩකර ඇති බව සඳහන් වෙනවා. මෙලෙස එක නිවසේ ජීවත් වන අතරවාරයේ මෙම තිදෙනා අතර නිතර නිතර ආරවුල් හටගෙන ඇතැයිද පොලිසිය පවසනවා.

පසුව ඉකුත් මැයි 11 දා දියණියගේ අනියම් සැමියා හට තම නිවසින් පිටවන ලෙසට මියගිය මව පවසා ඇති අතර ඔහු තමන්ගේ ගම වූ ඉබ්බාගමුවට යන බව පවසා පයින්ඩිකුලම දියණියගේ පුංචි අම්මාගේ නිවසට ගොස් ඇති බවත්, ඊට පසු දින සැකකාර දියණියද විදෙස්ගත වීමට අවශ්‍ය ගමන් බලපත්‍ර සකසා ගැනීම සඳහා පුංචි අම්මාගේ නිවසට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණව දී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

ඉන් අනතුරුව 12 වන දින රාත්‍රි 7.00 ට පමණ කුලී ත්‍රීරෝද රථයකින් පයින්ඩිකුලම සිට තිරප්පනේ නිවසට දියණිය පැමිණ ඇති අතර අනියම් සැමියාද තිරප්පනේ අවන්හලකින් මත්පැන් පානය කර එදින රාත්‍රියේම නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බව තිරප්පනේ පොලිසිය පැවසුවා. ඝාතනයෙන් පසු මෙම යුවල බස් රථයකින් දඹුල්ල ප්‍රදේශයට ගොස් එම ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිට ඇති බවද පොලිසිය පැවසුවා.

පසු දින මවට දුරකථන අමතුමක් ලබාදී ප්‍රතිචාර නොමැති නිසා නිවසට පැමිණ බැලීමේදී මව අසනීප තත්වයකින් නිදියහන මත මිය ගොස් ඇති බවට දියණිය විසින් තිරප්පනේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙනවා. ඒ අනුව තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඩී.එස්.කේ.පී. ජයතිලකගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් යොදවා විමර්ශනය කිරීමේදී පවුලේ ඥාතීන් ලබා දුන් සාක්ෂි පරස්පරවීම හේතුවෙන් මෙය සැකකටයුතු මරණයක් බැව් සැක පහල වීමත් සමඟ අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ශරීරයේ කොටස් වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා. පසුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාන්වරයාද ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ බව පොලිසිය පැවසුවා. මෙම සිද්ධිය පිළිබඳ ප්‍රදේශයේ සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කරමින් පුළුල් විමර්ශනයක් දියත් කර තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලිසිය සමත් වී තිබුණා.

පසුව ඉකුත් 15 වන සිකුරාදා මියගිය කාන්තාවගේ අවසන් කටයුතු තිරප්පනේ පොදු සුසාන භූමියේදී සිදු කළ අතර දේහය නිවසින් රැගෙන යනවාත් සමඟම දියණිය, ඇගේ අනියම් සැමියා හා පුංචිම්මා සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. පසුව කළ විමර්ශන වල දී මියගිය අය ළඟ තිබූ රුපියල් ලක්ෂ 10 ක් හා රත්‍රං බඩු ඝානනයට පෙර ලබාගෙන ඇති බව හා මෙලෙස මුදල්, රන් භාණ්ඩ ලබාගෙන විදෙස්ගත වීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කළ බවට යුවළ පාපොච්චාරණය කළ බව තිරප්පනේ පොලිසිය පැවසුවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top