Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
17
96 වර්ල්ඩ් කප් එක දිනවද්දී වයස 30යි! අද වයස 60යි! හැබැයි අරවින්ද තාමත් ඒ විදියමයි! ලෙජන්ඩ්ස් මැච් එකේදී මැදට ඇවිත් කරපු වැඩේ මෙන්න...

- 96 වර්ල්ඩ් කප් එක දිනවද්දී වයස 30යි! අද වයස 60යි! හැබැයි අරවින්ද තාමත් ඒ විදියමයි! ලෙජන්ඩ්ස් මැච් එකේදී මැදට ඇවිත් කරපු වැඩේ මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

අවුරුදු 30ක් කියන්නේ ලේසි පාසු කාලයක් නෙවෙයි. 


හැබැයි කාලය කොච්චර වෙනස් වුණත්, අපේ ක්‍රිකට් ලෝකය හොල්ලපු "මැඩ් මැක්ස්" එහෙමත් නැත්නම් අරවින්ද ද සිල්වා කියන ඒ සුපිරි තරුව තාමත් ඒ විදියමයි කියලා ඊයේ හැමෝටම ඔප්පු කරලා පෙන්නුවා.

එදා 1996 ලෝක කුසලානය ලංකාවට ගේන්න අරවින්ද බැට් එකෙන් කරපු දේ අපිට තාමත් මතකයි. එදා වයස අවුරුදු 30 දී තිබ්බ ඒ ජවය, ඒ "Game Reading" හැකියාව, අද වයස අවුරුදු 60ක් වෙලත් අබ මල් රේණුවක තරම්වත් වෙනස් වෙලා නෑ කියලා අරවින්ද ඊයේ ක්‍රීඩාංගණය ඇතුළේ පෙන්නුවේ මුළු මහත් ක්‍රිකට් ලෝකයම පුදුමයට පත් කරමින්.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අසීරු තත්ත්වයක වැටිලා, ලකුණු 37කට විකට් 2ක් බිඳ වැටිලා තිබ්බ වෙලාවෙයි අරවින්ද පිටියට පිවිසුණේ. අරවින්ද කියන්නේ තමන්ගේ ක්‍රිකට් ජීවිතේදී ජාත්‍යන්තර T20 තරඟ සෙල්ලම් කරපු කෙනෙක් නෙවෙයි. හැබැයි තමන්ගේ වයසත් එක්ක තියෙන සුපිරි ෆිට්නස් (Fitness) එක පාවිච්චි කරලා, මුළු ඉනිමම තනියම කරට ගත්ත අරවින්ද, මුළු ඕවර් 15ක්ම විකට් එකේ රැඳී ඉන්න සමත් වුණා.

හතරේ පහරවල්, හයේ පහරවල් විතරක් නෙවෙයි, තරුණයෙක් වගේ විකට් අතර දුවමින් අරවින්ද ක්‍රීඩා කරපු ඒ ඉවසිලිවන්ත සටන්කාමී ඉනිම නිසා, නියමිත ඕවර් 20 අවසානයේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුණු 160ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා යන්න පුළුවන් වුණා.

සමාජ මාධ්‍ය හරහා මේ ගැන තැබූ සටහනක්

"අවුරුදු 30ක් ගත වෙලත් අරවින්ද, අරවින්දම තමයි. ඒ ජවයේ Game Read කරන විදියේ කිසි වෙනසක් නෑ. තාමත් ඉන්නේ වැඩේ. අරවින්ද කියන්නේ International Cricket එකේ T20 ගහපු කෙනෙක් නෙමෙයි. හැබැයි තමන්ගේ වයසට තියෙන Fitness එකත් එක්ක ලස්සන ඉනිමක් සෙල්ලම් කරලා බෝල 50කට ලකුණු 60ක් ගහනවා. ලකුණු 37ට විකට් 2 ක් ගියපු වෙලාවේ ග්‍රවුන්ඩ් එකට ආපු අරවින්ද ඕවර්ස් 15ක් විකට් එකේ ඉන්නවා. අරවින්දගේ මේ ඉවසිලිවන්ත සටන්කාමී ඉනිම හින්දා ශ්‍රී ලංකා ලෙජන්ඩ් Team එකට ඕවර්ස් 20 ඉවර වෙනකොට ලකුණු 160ක් ගහන්න පුළුවන් වෙනවා. එදා 96 World Cup එක දිනනකොට අරවින්දට වයස අවුරුදු 30යි. අද අරවින්දට වයස අවුරුදු 60යි. හැබැයි Talent එක ඒ විදියමයි. "
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top