Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
20
ලේ කිරි කර පෙවූ මව, සල්ලි සහ රන් බඩු වෙනුවෙන් මරා දැමූ බාල දියණිය! මුළු තිරප්පනයම කම්පා කල ඛේදවාචකය!

- ලේ කිරි කර පෙවූ මව, සල්ලි සහ රන් බඩු වෙනුවෙන් මරා දැමූ බාල දියණිය! මුළු තිරප්පනයම කම්පා කල ඛේදවාචකය!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

332 Views

සල්ලි තණ්හාවට වැදූ මවත් මරා දැමූ තිරප්පනේ අලුගෝසු දියණිය...


වසර 24ක් මැදපෙරදිග දුක් විඳ හරිහම්බ කරපු සේසතම අරන් අනියම් සැමියා එක්ක පනින්න හදපු දියණියගේ සහාසික කුමන්ත්‍රණය හෙළිවෙයි!

ආර්ථික ප්‍රශ්න හමුවේ තමන්ගේ දරුවන්ගේ අනාගතය මල්පල ගන්වන්න, දහඩිය කඳුළු හලමින් විදේශ රැකියාවල නිරත වන මව්වරුන් අපේ රටේ ඕනෑතරම් සිටිනවා. එවැනි මව්වරුන් තමන්ගේ තාරුණ්‍යය, සතුට සියල්ල කැප කරන්නේ දරුවන්ට යහපත් කලදසාවක් උදාකර දීමේ අරමුණින්.

නමුත්, වසර 24ක් තිස්සේ විදේශගතව ගෘහ සේවයේ නිරත වෙමින් තමන් හරිහම්බ කළ මුදල් සහ රන් භාණ්ඩ ටික කොල්ලකා ගැනීමේ අරමුණින්, තමන් මෙලොවට දායාද කළ ලේ කිරි කර පොවා හදා වඩා ගත් දියණිය විසින්ම මවක ඝාතනය කළ පුවතක් අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඇය මේ සහාසික අපරාධය සිදු කර ඇත්තේ ඇයගේ අනියම් සැමියා සමඟ එක්වීමයි.
ඝාතනයට ලක්ව තිබුණේ තිරප්පනේ නගර සීමාවේ ඇතුන්ගම මංසන්ධියට ආසන්න නිවසක ජීවත් වූ පී. පද්මලතා නමැති 65 හැවිරිදි මවකි. පසුගිය මැයි 12 වැනිදා ඇය නිවසේ නිදන කාමරයේ ඇඳ මතදීම අභිරහස් ලෙස මියගොස් සිටියාය. මව සමඟ ජීවත් වූ බාල දියණිය පොලිසියට පවසා තිබුණේ, මව අසනීප තත්ත්වයෙන් පසුවී නිදන කාමරය තුළදීම මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම මරණය පිළිබඳව සැක සිතූ තිරප්පනේ පොලිසිය වහාම තීව්‍ර විමර්ශන ආරම්භ කළා. දියණිය, දියණියගේ අනියම් පෙම්වතා සහ පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේදී ඔවුන්ගේ ප්‍රකාශ පරස්පර වීම නිසා මෙය සැලසුම් සහගත ඝාතනයක් බවට පොලිසිය තහවුරු කරගත්තා.
විමර්ශනවලදී හෙළිවූ තොරතුරු අනුව, මියගිය පද්මලතා මහත්මිය විදේශගතව සිටි සමයේ ඇයගේ බාල දියණිය විවාහ වී තිබෙනවා. පසුව මව විසින් දියණිය සහ බෑණාවද විදේශ රැකියා සඳහා ගෙන්වාගෙන තිබෙනවා. ඒ අනුව වසර 14ක් පමණ විදේශගතව සිට මෙරටට පැමිණි දියණියගේ විවාහ ජීවිතය අසාර්ථක වී බිඳ වැටී තිබෙනවා.

පසුව ඇය මිතුරියක මාර්ගයෙන් කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි, යුද හමුදාවෙන් පලාගිය 25 හැවිරිදි තරුණයෙකු හඳුනාගෙන අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මීට මාස තුනකට පෙර ඇය ලංකාවට පැමිණීමෙන් පසු මෙම 25 හැවිරිදි අනියම් සැමියා සමඟ වළගම්බාහුව ප්‍රදේශයේ පිහිටි තමන්ගේ පුංචිඅම්මාගේ නිවසේ ජීවත් වී තිබෙනවා.

පසුව මව විසින් මොවුන් දෙදෙනාට තිරප්පනේ පිහිටි තමන්ගේ නිවසට පැමිණ ජීවත්වන ලෙස ආරාධනා කර ඇති අතර, ඒ අනුව පසුගිය අප්‍රේල් 10 වැනිදා ඔවුන් එහි පදිංචියට පැමිණ තිබෙනවා. නිවසේ තාප්පය බැඳීමේ කටයුතුවලට ද මෙම සැකකාර තරුණයා උදව් වී තිබෙනවා.

නිවසේ ජීවත් වන අතරතුර මව සහ මෙම යුවළ අතර නිතර නිතර ආරවුල් හටගෙන තිබෙනවා. මැයි 11 වැනිදා මව විසින් අනියම් සැමියාට නිවසින් පිටව යන ලෙස දන්වා ඇති අතර, ඔහු ඉබ්බාගමුවට යන බව පවසා පුංචිඅම්මාගේ නිවසට ගොස් තිබෙනවා. පසුදින දියණියද විදේශගත වීමට පාස්පෝට් සකසා ගැනීමට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා.

නමුත් මැයි 12 වැනිදා රාත්‍රී 7.00ට පමණ දියණිය කුලී ත්‍රිරෝද රථයකින් නැවත තිරප්පනේ නිවසට පැමිණ ඇති අතර, අනියම් සැමියා ද ප්‍රදේශයේ අවන්හලකින් මත්පැන් පානය කර එදින රාත්‍රියේම නිවසට පැමිණ තිබෙනවා. දෙදෙනා එකතු වී නිවසේ තනිව සිටි 65 හැවිරිදි මව ඝාතනය කර තිබෙන්නේ ඉන් අනතුරුවයි.

ඝාතනයෙන් පසු මෙම යුවළ බස් රථයකින් දඹුල්ල ප්‍රදේශයට ගොස් හෝටලයක ලැඟුම් ගෙන සිට තිබෙනවා. පසුව කිසිවක් නොදන්නා ගානට මවට කෝල් කළත් ආන්සර් කරන්නේ නැතැයි පවසමින් නිවසට පැමිණි දියණිය, මව අසනීපෙන් මියගොස් ඇති බවට පොලිසියට බොරු පැමිණිල්ලක් දමා තිබෙනවා.
පොලිසිය ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කරමින් කල සූක්ෂම විමර්ශනය හමුවේ අන්තිමේදී දියණියට සහ අනියම් පෙම්වතාට බේරීමට නොහැකි වුණා. මියගිය මව සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 10ක මුදලක් සහ රන් භාණ්ඩ ඝාතනයට පෙර මොවුන් විසින් සොරකම් කර ඇති අතර, එම මුදල් හා රන් භාණ්ඩ රැගෙන විදේශගත වීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බවට සැකකාර යුවළ පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

සැකකාර 32 හැවිරිදි දියණිය, 25 හැවිරිදි අනියම් පෙම්වතා සහ ඔවුන්ට රැකවරණය දුන් පුංචිඅම්මා යන තිදෙනාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ මියගිය මවගේ දේහය අවසන් කටයුතු සඳහා සුසාන භූමියට රැගෙන යන අවස්ථාවේදීම වීම විශේෂත්වයක්.

දැනට සැකකරුවන් තිදෙනාම අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඩී.එස්.ආර්.කේ. ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top