ඇය නමින් වෛද්‍ය හෂිනි රන්ගිකා ඈපා ආරච්චි. වෛද්‍ය පීඨයේ අවසාන වසරේදී වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන ඉහළම සහ වටිනාම රන් සම්මාන 30න් 16ක්ම සිය නම ඉදිරියේ ලියාගන්නට ඇය සමත්ව ඇත්තේ මුළු රටම මවිතයට පත් කරමින්.
වෛද්‍ය පීඨ ඉතිහාසය දන්නා අය පවසන්නේ එකම ශිෂ්‍යාවක සම්මාන 16ක් වැනි අතිවිශාල ප්‍රමාණයක් තනිවම දිනාගැනීම සැබවින්ම විශ්මයජනක සහ දුර්ලභ සිදුවීමක් බවයි. ඇය මේ ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයට අලුත්ම රන්වන් පරිච්ඡේදයක් එක් කිරීමට සමත්ව තිබෙනවා.
ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලාගෙන රටටම ආඩම්බරයක් වුණු මෙවැනි දියණියන්ව හිස් මුදුනින් පිළිගත යුතුයි යනුවෙන් පවසමින් මේ වනවිට ලංකාවේ මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල ඇයට හිමිවන්නේ නොමඳ ගෞරවයක් සහ ආදරයක්.