231 Views
ඔවුන් අවධාරණය කරන්නේ රජය විසින් ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබුණද, ඉදිරි කාලයේදී බස් ගාස්තු ඉහළ දැමීමක් කිසිසේත්ම සිදු නොකරන බවයි.
මේකට හේතුව විදිහට ජාතික ගමනාගමන කොමිෂන් සභාව දක්වන්නේ, වත්මන් ඩීසල් මිල සංශෝධනය සිදු වුවද, දැනට පවතින ජාතික බස් ගාස්තු සූත්‍රයට අනුව වහාම බස් ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් හෝ ප්‍රතිශතයක් පැන නොනගින බවයි. ඒ නිසා මිල වැඩිවීම් හමුවේ වුවද පවතින බස් ගාස්තු ඒ අයුරින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනවා.
දිනෙන් දින ඉහළ යන බඩු මිලත් එක්ක හැමදාම බස් එකේ කෝච්චියේ යන එන සාමාන්‍ය මගී ජනතාවගේ සාක්කුවට තවත් අමතර බරක් පැටවීමට ඉඩ නොදෙන බවයි කොමිෂන් සභාව වැඩිදුරටත් සහතික වෙලා තියෙන්නේ. මොනවා වුණත් මේ වෙලාවේ හැටියට බස් ගාස්තු වැඩි නොවීමම ජනතාවට ලොකු සහනයක්!