ලැබෙන අලුත්ම සංඛ්‍යාලේඛන අනුව දුම්කොළ භාවිතය නිසා විතරක් ලෝකය පුරා වසරකට අහිංසක මිනිස් ජීවිත මිලියන 8ක් (ලක්ෂ 80ක්!) අකාලයේ නැති වෙලා යනවා කියලා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අනාවරණය කරනවා.
ඉතින් මේ මාරක උගුලෙන් අපේ රටේ අනාගත පරම්පරාව බේරගන්න සුවිශේෂී සහ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වෙනකොට ලංකාව ඇතුළේ ආරම්භ කරලා තියෙනවා.
ශ්‍රී ලංකාව තුළ "දුම්කොළවලින් තොර පරම්පරාවක්" (Tobacco-Free Generation) බිහි කිරීමේ සුවිශේෂී සංකල්පය හඳුන්වාදීම වෙනුවෙන් පසුගියදා කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා.
මේ වැඩේ පිටුපස ඉන්නේ රටේ ප්‍රධානම සෞඛ්‍ය බලධාරීන් පිරිසක්. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, දුම්කොළ මධ්‍යසාර සහ නීති විරෝධී ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) එකතු වෙලා තමයි මේ විප්ලවීය පියවර ඉදිරියට තියලා තියෙන්නේ.
මේ මාධ්‍ය හමුවේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වුණේ අපේ රටේ ඉන්න කුඩා දරුවන් සහ තරුණ පරපුර මින් ඉදිරියට කිසිම ආකාරයකින් දුම්කොළ හෝ සිගරට් භාවිතයට යොමු වීම වැළැක්වීම සඳහා නීතිමය සහ සමාජීය වශයෙන් ගත යුතු දැඩි ක්‍රියාමාර්ග ගැනයි.
අනාගතයේදී සිගරට් කියන දේ ලංකාවෙන් අතුගාලා දාලා, නීරෝගී තරුණ පරපුරක් හැදීම තමයි වෛද්‍යවරුන්ගේ මූලිකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.