මැයි මස 27 වනදා සිට ජුනි මස 02 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම වෙසක් සතිය තුළ ක්‍රියාත්මක වන පරිදි විශේෂ තහනමක් පනවා තිබෙනවා.
ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිල නිවේදනයකට අනුවයි.
ඒ අනුව, මැයි මස 30, 31 සහ ජුනි මස 01 යන දිනයන්හි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන,
මස් මාංශ අලෙවි සැල්, සුපිරි වෙළඳසැල් තුළ මස් මාංශ අලෙවිය , රේස් බුකි, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා (Clubs) වසා තැබිය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.