ඇය එදා ඉඳලාම ගොඩක් වෙලාවට දැකගන්න ලැබෙන්නේ බොහොම සරල විලාසිතා එක්ක නේ.. මේ අන්න ඒ වගේ ඇය ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්.. ඒ කතාව ඇසෙන්නෙත් ඇයගේ තවත් එක් විලාසිතාවක් නිසාමයි..
ටෝකියෝ නුවර පැවැති 2026 ඇනිමේ සම්මාන උළෙලේදී (Anime Awards) කාගෙත් අවධානය දිනා ගැනීමට සුපිරි ඉන්දීය නිළි රශ්මිකා මන්දන්නා සමත් වී තිබෙනවා..
මෑතකදී විවාහ දිවියට ඇතුළත් වූ ඇය, ලෝක ප්‍රකට විලාසිතා නිර්මාණකරුවෙකු වන ප්‍රබාල් ගුරුන්ග් (Prabal Gurung) විසින් නිර්මාණය කරන ලද ආකර්ෂණීය කළු පැහැති සෙකුවින් ගවුමකින් (sequined gown) සැරසී රතු පලස මතින් ගමන් කරනු ලැබුවා.
ඇයගේ සිරුරේ හැඩය මැනවින් ඉස්මතු කළ මෙම කර රහිත (strapless) ගවුම, සරල බව සහ සුන්දරත්වය අතර මනා සමබරතාවක් පෙන්නුම් කළා.
එහි තිබූ සියුම් මල් සැරසිලි, ඇඳුමට අනවශ්‍ය බරක් හෝ අවුල් සහගත බවක් එක් නොකරමින් නිසි මට්ටමේ ආකර්ෂණයක් ලබාදීමට සමත් වුණා.
මෙම සම්භාව්‍ය පෙනුම තවත් ඔපවත් කිරීම සඳහා ඇය, සුනිතා ෂෙකාවත් විසින් නිර්මාණය කරන ලද විවිධ වර්ණවලින් යුත් මැණික් එබ්බවූ මාලයක් සහ කළු පැහැති ස්ටයිලෙටෝස් පාවහන් යුගලක් තෝරාගෙන තිබුණා.
ඉතින් බලන්නකෝ ඇයගේ ඒ පෙනුම මොන තරම් නම් සුන්දරත්වය බලන්නකෝ.