මේත් එක්කම ක්‍රියාත්මක වුණු ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, රට වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග 5ක් ගැනීමට වහාම තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් විශේෂ නිල නිවේදනයක් ද අද (20) දින නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයට අනුව මේ වන විට ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය දරුණු ලෙස උද්ගතව පවතින්නේ කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාව යන රටවලයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව, ලංකාව වහාම ක්‍රියාත්මක විය යුතු නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්න මේ ප්‍රධාන ක්‍රියාමාර්ග 5 ගැනීමට පියවර ගෙන තිබෙනවා..
1. ගුවන් තොටුපළ හමුදාව වගේ සීරුවෙන්!
ලංකාවට ඇතුළු වන ගුවන් තොටුපළවල් ආශ්‍රිතව රෝගීන් හඳුනා ගැනීමේ නිරීක්ෂණ කටයුතු (ආවේක්ෂණය) උපරිමයෙන් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත.
2. IDH රෝහල ලෑස්තියි!
යම් හෙයකින් සැක සහිත රෝගියකු වාර්තා වුවහොත්, ඔහුට වහාම ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) සියලු පහසුකම් සහිතව පෙර සූදානම් කර තබා ඇත.
3. MRI ආයතනය සීරුවෙන්!
රෝගය නිවැරදිව හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) අවශ්‍ය උපකරණ සමඟ සූදානම් කර ඇත.
4. රට පුරාම සෙවිල්ලෙන්!
ලංකාව තුළ රෝග නිරීක්ෂණ පද්ධතිය ශක්තිමත් කරන අතරම, ලෝකයේ පවතින ඉබෝලා ව්‍යාප්තියේ ගෝලීය තත්ත්වය නිරන්තරයෙන් අධ්‍යයනය කිරීමට කටයුතු යොදා ඇත.
5. ලෝකය සමඟ සෘජු සබඳතා!
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මේ සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මනා සහ සෘජු සම්බන්ධීකරණයකින් කටයුතු කරයි.
මේ ආරංචිය ආපු සැනින් ගොඩක් දෙනෙක් කලබල වෙන්න පටන් ගත්තත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ අනිසි බියක් ඇති කරගන්න එපා කියායි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව දැනට පවතින්නේ මෙම රෝගය සඳහා අඩු අවදානම් ඇති රටක් ලෙසයි. එම නිසා අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොවන අතර, රට ඇතුළට වෛරසය පැමිණීම වැළැක්වීමට අවශ්‍ය සියලුම ආරක්ෂිත පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විටත් උපරිමයෙන් ගෙන අවසන්