ඒ කියන්නේ චීන අභ්‍යවකාශ ඉතිහාසය උඩුයටිකුරු කරන සුපිරිම සුපිරි වාර්තාවක් තියන්නයි දැන් ඔවුන් සූදානම් වෙන්නේ.
කායික විද්‍යාත්මක වෙනස්කම් ගැන කරුණු සෙවීමට අභ්‍යවකාශගාමීන් තුන්දෙනෙකු ඇතුළත් කණ්ඩායමක් "ෂෙන්ෂෝ-23" (Shenzhou-23) යානයෙන් අද දිනයේදී ඔවුන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත් කර හැරීමට චීන බලධාරීන් කටයුතු කර තිබෙනවා.
සාමාන්‍යයෙන් අභ්‍යවකාශයට යන අය මාස කිහිපයකින් ආයෙත් පෘථිවියට එන එකනේ කරන්නේ. හැබැයි චීන ඉතිහාසයේ පළමු වතාවට විද්‍යාඥයින් පිරිසක් අඛණ්ඩව වසරක (මාස 12ක) කාලයක් අභ්‍යවකාශයේම රැඳී සිටීමටයි මේ සූදානම් වෙන්නේ.
දීර්ඝ කාලීනව අභ්‍යවකාශ සංචාරවල නිරත වෙද්දී මිනිස් සිරුර ඇතුළේ සිදුවන වෙනස්කම්, ශරීරයේ අවයවවලට සහ මාංශ පේශීවලට වෙන බලපෑම් මොනවාද කියලා සෙල්ෆි ගගහා නෙමෙයි, කට්ටක් කාලා ප්‍රායෝගිකවම පරීක්ෂණ කරන්නයි මේ කට්ටිය යන්නේ.
අවුරුද්දක් උඩ ඉන්නවා නෙමෙයි, චීනයේ ඊළඟ ප්ලෑන් එක තමයි මිනිස්සුන්ව අඟහරු ලෝකයට (Mars) සහ ඊටත් එහාට යවන එක. ඉතින් ඒ වගේ දුර ගමන් යද්දී මිනිස් සිරුර ඔරොත්තු දෙයිද කියන එක බලන්න තමයි මේ තුන්දෙනා තමන්ගේ ජීවිතය පරදුවට තියලා පෘථිවියෙන් සමු අරන් යන්නේ.