Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
30
වසර 20කට පසු, මරණ දඬුවමට මුහුණ දුන් කේරළ වැසියා නැවත මව්බිමට පැමිණෙයි..

- වසර 20කට පසු, මරණ දඬුවමට මුහුණ දුන් කේරළ වැසියා නැවත මව්බිමට පැමිණෙයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

975 Views

එය ලෝකයේ බොහෝ දෙනාගේ හදවත් කම්පනයට පත් කරන්න සමත් වුණු පුවතක් වුණා.

මේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි. 


තමාට බලාගැනීමට භාර දී සිටි විශේෂ අවශ්‍යතා සහිත සෞදි ජාතික පිරිමි ළමයෙකුගේ අහඹු මරණයට හේතු වූ බවට චෝදනා ලබා සෞදි අරාබියේ සිරගත කර සිටි අබ්දුල් රහීම් නමැති කේරළයේ කෝළිකෝඩ් (Kozhikode) ප්‍රදේශයේ පදිංචිකරුවෙකු, වසර විස්සක් විදේශීය බන්ධනාගාරයක ගත කිරීමෙන් පසු බ්‍රහස්පතින්දා දිනයේදී නැවත තම මව්බිම බලා පැමිණියා.

ඔහු පැමිණෙන විට ඔහුව පිළිගැනීමට විශාල පිරිසක් සහ ඔහුගේ පවුලේ අය රැස්ව සිටියා. මේ අන්න ඒ සිද්ධිය ගැන ඇසෙන සංවේදී කතාවක්.

සවුදි අරාබියේ වසර 20 ක දීර්ඝ සිරදඬුවමක් විඳීමෙන් පසු නිදහස ලැබූ අබ්දුල් රහීම්, බ්‍රහස්පතින්දා (2026 මැයි 28) උදෑසන කේරළයේ කෝළිකෝඩ්හි පිහිටි ඔහුගේ නිවසට පැමිණීමත් සමඟ එය දැඩි සංවේදී පුවතක් වුණා.

තමා යටතේ රැකවරණය ලැබූ බලාබාධිත බාලවයස්කාර දරුවෙකුගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා රහීම් 2006 වසරේ සිට සවුදි සිරගෙයක පසුවුණා.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) පුවත්පතේ රජීව් කුමාර් වාර්තා කරන පරිදි, ඔහු කෝළිකෝඩ් ගුවන් තොටුපළෙන් පිටතට පැමිණෙන විට, 'ඊද් අල්-අද්හා' (Eid al-Adha) උත්සවය දා ඔහුව පිළිගැනීම සඳහා සිය ගණනක පිරිසක් ඔහුගේ පාරම්පරික නිවස අසලට රැස්ව සිටියා.

කෝළිකෝඩ් දිස්ත්‍රික්කයේ ෆෙරෝක් (Feroke) ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රහීම්, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් (Air India Express) ගුවන් යානයකින් පෙරවරු 7.35 ට පමණ කැලිකට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවුණා. ඔහුගේ මෙම නැවත පැමිණීම, සමස්ත කේරළ ප්‍රාන්තයේ මෙන්ම විදේශයන්හි වෙසෙන මලයාලි ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබූ දීර්ඝ නීතිමය සටනක නිමාව සලකුණු කරනවා.

රහීම් මුලින්ම සවුදි අධිකරණයක් විසින් මරණ දණ්ඩනයට නියම කර තිබුණා. කෙසේ වෙතත්, ලොව පුරා වෙසෙන මලයාලි ප්‍රජාව සහ කේරළ වැසියන් එකතුව දියත් කළ දැවැන්ත අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් (Crowdfunding) හරහා ඉන්දීය රුපියල් කෝටි 34 කට අධික මුදලක් (Blood Money) වින්දිතයාගේ පවුලේ අයට වන්දි වශයෙන් ගෙවා ඔහුගේ මරණ දඬුවම ඉවත් කර ගැනීමට සමත් වුණා.

ඉන්පසුව පොදු අයිතිවාසිකම් පනත යටතේ වසර 20 ක සිරදඬුවම් කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු මෙලෙස නිදහස ලබා මෙරටට පැමිණියා. 

Abdul Rahim returns to KeralaAbdul Rahim returned to Kerala on Thursday (May 28) after spending 20 years in a Saudi Arabia jail and being released from an upcoming death sentence by paying blood money of  ₹34 crore (PTI)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top