සම්බුදු තෙමඟුල බැතියෙන් සැමරීමට බෞද්ධ බැතිමතුන් මහත් ශ්‍රද්ධාවෙන් සූදානමි වෙමින් සිටිනවා. ඒ වෙසක් කූඩු, තොරණ, දන්සැල් ඇතුළු ආමිස පූජා රැසක් සංවිධාන කරමින්.
කොළඹ නගරයේ පමණක් වෙසක් තොරණ 20 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරෙනවා. එමෙන්ම දිවයින පුරා දන්සැල් 15,000කට අධික සංඛ්‍යාවක් සංවිධාන කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ.
වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ අද සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, වෙසක් කලාප, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය කෙරෙන ස්ථාන ආශ්‍රීත මාර්ගවල මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, කොටුව, කොම්පඤ්ඤවීදිය, මල්පාර, අග්‍රාමාත්‍ය කාර්යාලය අවට, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය මෙන්ම බොරැල්ල බේස්ලයින් පාර, බෞද්ධාලෝක මාවත, ගාලුමුවදොර ඇතුළු ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක වනවා.
මේ අතර, වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් සහ අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ ධාවනයට එක්කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ. එමෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.