ඒ වෙන මුකුත් නෙවෙයි, මෙනින්ජයිටීස් එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න "මොලේ උණ" රෝගය ආසාදනය වුණු බවට සැක කෙරෙන රෝගීන් 200ක් විතර මේ වෙනකොට අපේ රටෙන් වාර්තා වෙලා තියෙනවලු...
ඊයේ (27) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වුණු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමයි වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය මේ සලිත කරවන තොරතුර රටටම හෙළි කළේ.
වෛද්‍යවරිය කියන විදිහට මේ තත්ත්වය සෙල්ලමකට ගන්න බෑ. මොකද මේ වෙනකොටත් දිස්ත්‍රික්ක 4ක් පුරා මේ රෝගී තත්ත්වය පැතිරිලා තියෙනවා.
සැක සහිත රෝගීන් අතරින් 50 දෙනෙක් විතරම දැනටමත් රෝහල්ගතව බරපතළ විදිහට ප්‍රතිකාර ලබමින් ඉන්නවලු.
මේ දවස්වල උණක්, හිසරදයක් වගේ ලක්ෂණ ආවොත් "නිකන් උණක් වෙන්න ඇති" කියලා ෂේප් වෙන්න හදන්න එපා. මොකද මොලේ උණ කියන්නේ එක පාරටම දරුණු වෙන්න පුළුවන් ලෙඩක්. පරිස්සමෙන් ඉන්න එක හැමෝටම හොඳයි....