හැමෝම එකතු වෙලා හිනාවෙලා සතුටින් ගිය වන්දනා ගමනක් අවසන් වුණේ මුළු පවුලක්ම ලේ විලක් කරමින්.
පොලොන්නරුව ප්‍රදේශයේ වන්දනා චාරිකාවක නිරත වුණු එකම පවුලේ ඥාතීන් 16 දෙනෙකු රැගත් වෑන් රථයක්, නැවත නිවෙස් බලා ධාවනය වෙමින් තිබුණේ පොලොන්නරුව සිට දෙහිඅත්තකණ්ඩිය දෙසටයි. අද අලුයම බඳනාගල ප්‍රදේශයේදී කිසිවෙකුත් නොසිතූ මොහොතක දැවැන්ත වනඅලියෙකු ප්‍රධාන මාර්ගය හරහා මාරු වීමට තැත් කර තිබෙනවා. ඒ මොහොතේ වේගය පාලනය කරගත නොහැකි වූ වෑන් රථය වනඅලියාගේ ඇඟේ සෘජුවම ගැටී ඇත්තේ මුළු වෑන් රථයම කුඩුපට්ටම් කරමින්.
මේ බිහිසුණු අනතුරින් බරපතළ තුවාල ලැබූ 54 හැවිරිදි ආර්. බී. කරුණාවතී නැමැති අම්මා කෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 4.00 ට පමණ මෙලොව හැරගොස් තිබෙනවා. ඇය දෙහිඅත්තකණ්ඩිය, නාගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
අනතුරේ ඇති ඛේදවාචකය වන්නේ වෑන් රථයේ සිටි අවුරුදු 5ක පුංචි දරුවෙකු සහ මාස 10ක පමණ වයසැති කිරිසප්පයෙකු ද දරුණු ලෙස තුවාල ලබා සිටීමයි.
තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙකු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති අතර, තත්ත්වය අතිශය බරපතළ වූ අනෙක් පිරිස පොලොන්නරුව මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
සිරිපුර පොලිසිය විසින් මේ වන විට අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.