ඉතින් ඒ උපදින පැටියා නීරෝගී දරුවෙක් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අද (01) සිට අතිවිශේෂ ජාතික වැඩසටහනක් ලංකාව පුරාම තියෙන හැම මාතෘ සායනයකදීම නිල වශයෙන් ආරම්භ කරලා තියෙනවා. මේකට කියන්නේ ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ වැඩසටහන කියලා.
සරලවම කිව්වොත්, මවගෙන් කුසේ ඉන්න දරුවාට බෝවෙන්න පුළුවන් ප්‍රධාන ලෙඩ තුනක් සම්පූර්ණයෙන්ම වළක්වන්න තමයි මේක කරන්නේ. ඒ රෝග තුන තමයි.
HIV (මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය)
උපදංශය (Syphilis)
හෙපටයිටිස් - බී (Hepatitis B)
අද (ජූනි 01) සිට ඉදිරියට ලංකාවේ ඕනෑම රජයේ මාතෘ සායනයක ලියාපදිංචි වන සියලුම ගැබිණි මව්වරුන්ගේ රුධිරය (Blood), හෙපටයිටිස් - බී වෛරසය තියෙනවාද කියලා බලන්න විශේෂ පරීක්ෂාවකට ලක් කරනවා. මේ වෙනකොටත් ලංකාවේ හැම සායනයකම මේ වැඩේ පටන් අරන් ඉවරයි.
ලංකාව කියන්නේ මවගෙන් දරුවාට HIV සහ උපදංශය බෝවීම වැළැක්වීමේ ‘ද්විත්ව තුරන් කිරීමේ’ වැඩසටහන කලක ඉඳන්ම මාරම සාර්ථකව කරපු රටක්. ඒක කොච්චර සාර්ථකද කියනවා නම්, 2019 අවුරුද්දේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මවගෙන් දරුවාට මේ ලෙඩ බෝවීම සම්පූර්ණයෙන්ම වැළැක්වූ රටක් විදිහට ලංකාවට නිල සහතිකයකුත් දුන්නා. අද වෙනකම්ම ලංකාව ඒ ගෞරවය රැකගෙන තියෙනවා.
අන්න ඒ සුපිරි සාර්ථකත්වයේ ඊළඟ පියවර විදිහට තමයි අද ඉඳන් හෙපටයිටිස් - බී රෝගයත් මේකට ඇතුළත් කරලා "ත්‍රිත්ව තුරන් කිරීමක්" විදිහට රට පුරාම ක්‍රියාත්මක කරන්නේ.
නීරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් සෞඛ්‍ය අංශ ගත්තු මේ වටිනා පියවර ගැන හැමෝම දැනුවත් වෙන්න ඕන නිසා, මේ පණිවිඩය ඔයාගේ හිතවතුන්, විශේෂයෙන්ම අම්මා කෙනෙක් වෙන්න ඉන්න අය අතරේ ෂෙයාර් කරන්න අමතක කරන්න එපා!