පොලිසිය සැක කරන්නේ මේ දරුණු ප්‍රහාරයට හේතුව දෙපාර්ශවය අතර කලක සිට පැවති පැරණි කෝන්තරයක් බවයි. කල් යල් බලමින් ඉඳලා මඟ රැක සිටි මේ සැකකරුවන්, තමන්ගේ හතුරාව කොටු කරගෙන කඩුවලින් ඇඟ කිලිපොලා යන විදිහට කොටා බරපතළ තුවාල සිදු කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පස්සෙත් චණ්ඩිකම නතර කරපු නැති මේ කල්ලිය, තුවාලකරු පැමිණි ත්‍රිරෝද රථයටත් පෙට්‍රල් දමා ගිනි තබා මුළුමනින්ම විනාශ කර පළා ගොස් තිබුණේ ප්‍රදේශයේ ලොකු භීෂණයක් මවමින්.
සිද්ධිය සැලවුණු සැනින් ක්‍රියාත්මක වුණු අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මොරගල්ල සහ බලපිටිය යන ප්‍රදේශවල පදිංචි මේ දරුණු සැකකරුවන් දෙදෙනාව අද දවසේදීම කොටු කරගැනීමට පොලිසියට හැකිවුණේ.
කඩු ප්‍රහාරයට ලක්වුණු අහිංසක පුද්ගලයා මේ වන විටත් ඉතාමත් බරපතළ තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.