ඒ තමයි, රියදුරන්ව රවට්ටලා, කාඩ්පත් තොරතුරු සහ සල්ලි වංචා කරන අමුතුම විදියේ සයිබර් ජාවාරමක් ලංකාව ඇතුළේ වේගයෙන් පැතිරෙමින් පවතින එක!මේ හොරු කණ්ඩායම වැඩේ කරන්නේ හරිම කපටි විදිහටයි. පාරවල්වල සවි කරලා තියෙන CCTV කැමරා මඟින් ඔයා රථවාහන වැරැද්දක් කරලා අහුවෙලා තියෙනවා කියලා, ශ්‍රී ලංකා පොලීසියෙන් වගේ හැඟෙන විදිහට ව්‍යාජ කෙටි පණිවුඩ සහ WhatsApp පණිවුඩ ඔයාගේ ෆෝන් එකට එවන්න මේ ජාවාරම්කාරයෝ කටයුතු කරනවා.
මේ මැසේජ් එක ඇතුළේ ලින්ක් එකක් තියෙනවා. ඒක ක්ලික් කළාම ඔයාව යොමු කරන්නේ ආණ්ඩුවේ නිල GovPay ගෙවීම් පද්ධතියට බෙහෙවින්ම සමාන විදිහට හදපු හොර වෙබ් අඩවියකටයි! එකපාරටම බලන කෙනෙකුට මේක හොර සයිට් එකක් කියලා අඳුරගන්න බැරි තරමටම ඒක නිල වෙබ් අඩවියක් වගේම නිර්මාණය කරලා තියෙනවා.
මේ හොර සයිට් එකට ගිහින් දඩ මුදල් ගෙවන්න හදන හැමෝගෙම,
ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් තොරතුරු
බැංකුවෙන් එන රහස් සංකේත
ජාතික හැඳුනුම්පත් තොරතුරු
ඇතුළු සියලුම සංවේදී පෞද්ගලික දත්ත වංචාකරුවන් සතු වීමේ දැවැන්ත අවදානමක් තියෙනවා කියලා CERT ආයතනය දැඩිව අවධාරණය කරනවා. ඔයාගේ කාඩ් විස්තරයි OTP එකයි හොරු ගත්තොත්, එක විනාඩියෙන් ඔයාගේ බැංකු ගිණුමේ තියෙන සල්ලි සේරම නැති වෙන්න පුළුවන්!