ජූනි මාසය උදාවීමත් එක්කම මෙන්න ලංකාවේ ප්‍රධානතම ගෑස් සමාගම වන ලිට්‍රෝ (Litro Gas) සමාගමෙන් සුපිරි ගොසිප් ආරංචියක් එළියට දාලා තියෙනවා.
ලිට්‍රෝ සමාගම නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙන විදිහට, ජූනි මාසය සඳහා ගෑස් මිල සංශෝධනය කරන්නේ අනිද්දා, ඒ කියන්නේ ජූනි 04 වෙනිදා දිනයේදීයි!
ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට හෙළි කරලා තියෙන විදිහට, අනිද්දා ප්‍රකාශයට පත් කරන අලුත් ගෑස් මිල සංශෝධනය ලංකාව පුරාම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ ජූනි මස 05 වෙනිදා සිටයි.
මේ මාසික මිල සංශෝධනයට අදාළ හැම වැදගත් වාර්තාවක්ම ලිට්‍රෝ සමාගම විසින් මේ වෙනකොටත් මුදල් අමාත්‍යාංශයට (Ministry of Finance) යොමු කරලා තියෙනවලු. ඒකට අදාළ අවසන් තීන්දුව සහ වාර්තාව තමයි අනිද්දා දිනයේදී සමාගමට ලැබෙන්න නියමිතව තියෙන්නේ.
පසුගිය මැයි මාසයේදී ලිට්‍රෝ සමාගම ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නොකර මිල සංශෝධනය නොකර සිටීමට පියවර ගත්තා ඔයාලට මතක ඇතිනේ. හැබැයි මෙවර ලිට්‍රෝ සමාගම ලෑස්ති වෙන්නේ වෙනස්ම වැඩකටයි. ලෝක වෙළඳපොලේ මේ දිනවල පවතින ගෑස් මිල ගණන්වලට සාපේක්ෂව මෙවර මිල සංශෝධනය කරන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා.
ඉතින් ලෝක වෙළඳපොලේ මිල අනුව මෙවර ලංකාවේ මිනිස්සුන්ට සහනයක් ලැබෙයිද, නැත්නම් සාක්කුවට තට්ටු වෙයිද කියලා දැනගන්න තව දින දෙකක් ඉවසන්න වෙනවා!