මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17,117 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසය සඳහා නිකුත් කළ නිල දරිද්‍රතා රේඛාවට අනුවයි.
ඒ අනුව, මාර්තු මාසයට සාපේක්ෂව නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 427කින් ඉහළ ගොස් තිබුණා.
මාර්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව සටහන් වුණේ රුපියල් 16,690ක් ලෙසයි.
මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම මෙම නිල දරිද්‍රතා රේඛාව මගින් ඇස්තමේන්තු කරනු ලබනවා.
අප්‍රේල් මාසයේ නිල දරිද්‍රතා රේඛාවට අනුව එහි ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රුපියල් 18,461 ක්.
අවම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රුපියල් 16,367ක් ලෙසයි දැක්වෙන්නේ.