203 Views
තත්ත්වය එන්න එන්නම දරුණු වෙමින්, මේ වෙනකොට අහිංසක මිනිස්සු 19 දෙනෙක්ම ඩෙංගු මාරයා නිසා ජීවිතයෙන් වන්දි ගෙවලා ඉවරයි කියලා ආරංචි වෙනවා.
ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය හෙළි කරපු විදිහට, පහුගිය මැයි මාසය ඇතුළත විතරක් රෝගීන් 8,321ක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ දවසකට සිය ගණනින් මිනිස්සු මේ මාරක මදුරුවාට බිලිවෙලා තියෙනවා.
මේ වෙනකොට ලංකාව පුරාම රෝග ව්‍යාප්තියේ දැඩි අවදානමක් තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 72ක් සෞඛ්‍ය අංශ මගින් රතු නිවේදන නිකුත් කරලා හඳුනාගෙන තියෙනවලු.
ඔයා ජීවත් වෙන්නේ මේ පළාත්වල හෝ දිස්ත්‍රික්කවල නම්, වෙනදාට වඩා දහස් ගුණයකින් පරිස්සම් වෙන්න වෙනවා. මොකද ලෙඩ්ඩුන්ගෙන් වැඩිම පිරිසක් කොටු වෙලා ඉන්නේ මෙන්න මෙතනයි:
වැඩිම රෝගීන් ඉන්න දිස්ත්‍රික්ක 3- කොළඹ, ගම්පහ සහ කුරුණෑගල
බස්නාහිර පළාත - සමස්ත රෝගීන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මෙහෙන්.
දකුණු පළාත - 16%ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා.
සබරගමුව පළාත - 9%ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා.
පොඩි අතපසුවීමකින් ඔයාගේ ගෙදර ඉන්න පොඩි දරුවෙක් හෝ පවුලේ කෙනෙක් මේ මාරයාට බිලිවෙන්න පුළුවන්. සෙල්ලම් ලෙඩක් නෙවෙයි, අදම වටපිටාව බලලා වතුර රැඳෙන තැන් අයින් කරන්න!