ආරක්ෂක රැකවල් මැද තියෙන ප්‍රධාන රාජ්‍ය බැංකුවක තිබුණු රුපියල් කෝටි තුනහමාරක් අඩංගු සල්ලි බෑගයක් මහ දවල් සූක්ෂ්ම ලෙස පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථානය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
චිත්‍රපටියක දර්ශනයක් වගේ සිද්ධ වුණු මේ මංකොල්ලය නිසා මේ වෙනකොට මුළු හොරණ නගරයම දැඩි නොසන්සුන්කාරී ස්වභාවයක් ගෙන ඇති බවයි ආරංචි වෙන්නේ.
පොලිසිය පවසන අන්දමට මේ අදහාගත නොහැකි සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ අද (03) දහවල් 3.00ට විතර. බැංකුවේ ගනුදෙනු අවසන් වෙන වෙලාවත් එක්ක, කාර්යබහුලම මොහොතක කවුරුත් නොහිතපු විදියට මේ ඇසුරුම් කරන ලද සල්ලි බෑගය අතුරුදන් වෙලා තියෙනවා.
බැංකු සේවකයෝ වගේම ආරක්ෂක අංශ පවා මවිත කරමින් මේ කෝටි තුනහමාරේ බෑගය අරන් ගියේ කවුද කියන එක තවමත් ලොකු අභිරහසක්.
මහ දවල් රාජ්‍ය බැංකුවකටම විදපු මේ සූක්ෂ්ම හොරුන් කණ්ඩායම කොටු කරගන්න හොරණ පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වෙනකොටත් මෙහෙයුම් ආරම්භ කරලා තියෙනවා.
බැංකුවේ සහ අවට සවිකර ඇති CCTV කැමරා දර්ශන පරීක්ෂා කරමින් හොරුන් ගිය මඟ සෙවීමටයි පොලිසිය උපරිම උත්සාහයක් ගන්නේ.