ලෝකයේ උසම කන්ද වෙන එවරස්ට් කන්දේ ‘Death Zone’ එහෙමත් නැත්නම් ‘මරණ කලාපය’ කියලා හඳුන්වන දරුණුම හරියේ දින හයක් තිස්සේ සිරවෙලා හිටපු නේපාල ජාතික කඳු නැගීමේ මඟ පෙන්වන්නෙක් (Guide කෙනෙක්) පණ පිටින් බේරගන්න තවත් කඳු නගින්නන් පිරිසක් සමත් වෙලා තියෙනවා.
පසුගිය මස 29 වැනිදා ඉඳන් මෙලෙස අතුරුදහන් වෙලා හිටියේ දාවා ෂර්පා නැමැති දක්ෂ කඳු නැගීමේ මඟ පෙන්වන්නෙක්. ඔහු හිරවෙලා හිටපු කලාපය කොච්චර දරුණුද කියනවා නම්, සාමාන්‍ය කෙනෙක් තියා වැඩ්ඩෙක්ටවත් ඔක්සිජන් නැතුව විනාඩි කිහිපයකට වඩා ඉන්න අමාරු තැනක්.
වඩාත්ම පුදුම සහගත දේ තමයි, මේ දින හය පුරාවටම ඔහුට කිසිදු ආහාරයක්, ජලයක් හෝ අමතර ඔක්සිජන් සිලින්ඩරයක් තිබිලා නැහැ. මේ වගේ දරුණු තත්වයක් යටතේ දාවා ෂර්පා තවමත් ජීවතුන් අතර සිටීම සැබෑ ජීවමාන ආශ්චර්යයක් කියලා තමයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වපු වෛද්‍යවරුන් පුදුමයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ...
කොහොම හරි අන්තිම මොහොතේ මරණය පෙනි පෙනී හිටපු දාවාව බේරගන්න ලැබීම ගැන මුළු ලෝකයේම අවධානය දැන් මේ දෙසට යොමුවෙලා තියෙනවා.