'New Rules', 'Levitating' වගේම 'Don't Start Now' වැනි ලෝක ප්‍රකට ගීත ඇල්බම හරහා ග්‍රැමී සම්මාන (Grammy Awards) පවා දිනාගත්ත ඇය, අද වෙද්දී ලෝකයේ ඉන්න සාර්ථකම සහ ජනප්‍රියම ගායිකාවක් කිව්වොත් නිවැරදියි.
හැබැයි අද අපි ඇය ගැන කතා කරන්නේ අලුත් සින්දුවක් ගැන නෙවෙයි, ඇගේ ජීවිතයේ සිදුවුණු ඉතාම සුන්දර සහ ලෝකයම කල්පනා කරවපු විශේෂ ආරංචියක් නිසයි.
ඔව්, අපේ ආදරණීය ලිපා දැන් නිල වශයෙන්ම විවාහක බිරිඳක්. පසුගිය මැයි 31 වැනිදා ඇය තමන්ගේ දිගුකාලීන පෙම්වතා වුණු බ්‍රිතාන්‍ය ජාතික දක්ෂ නළුවෙකු වන කැලම් ටර්නර් (Callum Turner) සමඟ නීත්‍යානුකූලව විවාහ ගිවිසගෙන තිබෙනවා.
ලන්ඩන් නුවර සුප්‍රකට 'Old Marylebone Town Hall' හිදී ඉතාම පෞද්ගලික, සරල සහ චාම් උත්සවයක් විදිහට තමයි මේ විවාහය සිදු වුණේ. ආරක්ෂක විධිවිධාන මැද පැවැත්වුණු මේ අවස්ථාවට සහභාගී වුණේ ඔවුන්ගේ ඉතාම සමීප පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක් විතරයි.
මංගල උත්සවයේදී ලිපා සුදු පැහැති හැඩකාර කෙටි ඇඳුමකින් සහ හිස වසාගත් විශාල තොප්පියකින් සැරසී සිටි අතර, ඇගේ සහකරු කැලම් ටර්නර් නිල් පැහැති (Navy Blue) නිල ඇඳුමකින් ඉතාමත් කඩවසම් ලෙස සැරසී සිටියා.
නීත්‍යානුකූලව විවාහ වුණු ඔවුන් දෙදෙනා කිසිදු ප්‍රදර්ශනයකින් තොරව, ඉතාම සරල විදිහට සාමාන්‍ය ලන්ඩන් ටැක්සි රථයකින් නැඟී මංගල ශාලාවෙන් පිටත්ව යන අයුරු විදෙස් පැපරාසීන්ගේ කැමරා ඇස්වලට හසුවී තිබුණා.
"තමන්ගේ හොඳම මිතුරා සමඟ වයසට යන්න තීරණය කිරීම සැබවින්ම සුවිශේෂී හැඟීමක්..." කියලා ඩුවා ලිපා මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී ආදරයෙන් පවසා තිබුණා.
මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නේ 2024 වසරේ මුල් භාගයේදීයි. වසර දෙකකට අධික කාලයක් කාටත් හොරා පෙම්වතුන් විදිහට සිටි මොවුන්, පසුගිය වසරේදී තමන්ගේ විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් තහවුරු කළා.
ලන්ඩනයේ පැවැත්වුණු මේ චාම් උත්සවයෙන් පස්සේ, ඉදිරි දිනවලදී ඉතාලියේ 'සිසිලි' (Sicily) දූපතේ දින තුනක් පුරා ඉතාම ඉහළින්, හොලිවුඩ් සහ පොප් තරු රැසකගේ සහභාගීත්වයෙන් මහා මංගල සාදයක් පවත්වන්නත් මේ සුපිරි යුවළ සූදානමින් සිටින බවයි හොලිවුඩ් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
