ඒ, හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් දරුණු අනතුරකට ලක්වීමයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම බස් රථය තුළ මගීන් 20 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වෙනවා. බස් රථය පාරෙන් ඉවතට පැන තාප්පයක ගැටීමත් සමඟම මුළු ප්‍රදේශයම දෙවනත් කරමින් මගීන්ගේ මර ලතෝනි හඬ ඇසී තිබෙනවා. මෙම බිහිසුණු අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.
බස් රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී දඩල්ල ප්‍රදේශයේදී රියදුරුට ක්ෂණිකව නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරෙන් බස් රථයට මෙන්ම තාප්පයටද දැඩි අලාභහානි සිදුව ඇති අතර, ගාල්ල පොලිසිය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.