ඒ අනුව, පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.
වැසි ඇති විය හැකි ප්‍රදේශ ලෙස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දක්වන්න පුළුවන්.
මීට අමතරව, ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.
කාලගුණ වාර්තාවලට අනුව ප්‍රදේශ කිහිපයකට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ද ඇති විය හැකියි. ඒ අනුව පහත ප්‍රදේශ ගැන අවධානයෙන් සිටිය යුතුයි:
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත් ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදු වන හානි අවම කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.