එහිදී, මීට සුළු මොහොතකට පෙර පැවැති මෙම උත්කර්ෂවත් සම්මාන උළෙලේදී හිරු මාධ්‍ය ජාලය වෙත 'ජාත්‍යන්තර විකාශන නායකත්ව සම්මානය' (Inteational Broadcasting Leadership Award) හිමි වුණා.
ගෝලීය මට්ටමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ දක්වන ලද විශිෂ්ටත්වය සහ නායකත්වය අගයමින් හිරු මාධ්‍ය ජාලය වෙත මෙම සම්මානය හිමිව ඇති අතර, මෙය ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට රැගෙන යාමට හිරු මාධ්‍ය ජාලය දැක්වූ දායකත්වයට ලැබුණු තවත් එක් සුවිශේෂී සම්මානයක්.