නිකම්ම නෙමෙයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් (NBRO) දැන් අනතුරු ඇඟවීමේ රතු එළි පත්තු කරලයි තියෙන්නේ. ඔයාලත් මේ පැතිවල ඉන්නවා නම්, ටිකක් ඇහැගහගෙන ඉන්න එක ඇඟට ගුණයි!
කළු ගඟේ අතු ගංගාවක් වෙන 'කුඩා ගඟේ' වතුර මට්ටම දැන් හිතුවට වඩා වේගයෙන් ඉහළ ගිහින්ලු. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපා ආරච්චි මහත්මයා කියන විදිහට මේ ගැන ලොකු අවධානයක් දෙන්න වෙනවා.
ඒ විතරක් නෙමෙයි, කැළණි, ගිං, නිල්වලා කියන ප්‍රධාන ගංගා තුනේ වගේම අත්තනගලුඔය අවට පහත්බිම්වල ඉන්න අයටත් දැන්ම ඉඳන්ම සීරුවෙන් ඉන්න කියලයි ආරංචිය. රෑ ජාමේ වතුර පාරක් ආවොත් කට්ටියටම අමාරුවේ වැටෙන්නයි වෙන්නේ!
වතුර ගලනවා මදිවාට දැන් නායයෑම් අවදානමකුත් ඇවිත්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයකට 'අදියර 01' යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරලා ඉවරයි. ඔයාගේ ගමත් මේ ලිස්ට් එකේ තියෙනවාද බලන්න:
කළුතර දිස්ත්‍රික්කය- පාලින්දනුවර
මහනුවර දිස්ත්‍රික්කය- දොළුව
නුවරඑළිය දිස්ත්‍රික්කය- අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කය- පැල්මඩුල්ල, අයගම, රත්නපුර, ගොඩකවෙල, කලවාන සහ නිවිතිගල
ඉතින් වැස්ස පායන පාටක් පේන්න නැති නිසා, කඳු ආශ්‍රිතව සහ පහත්බිම්වල ඉන්න කට්ටිය පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. රෑට නිදාගද්දිත් කෝකටත් කියලා පොඩි ඇලර්ට් එකක් තියාගන්න එක හැමෝටම හොඳයි!